IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


පොලිතින් සිද්ධියට නාවලපිටිය විදුහල්පති රිමාන්ඩ්

(රංජිත් රාජපක්ෂ)

ගම්පොල කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන නාවලපිටිය රඹුක්පිටිය මධ්‍යම මහා විද්‍යාලයේ ළමුන් පස්දෙනකුට කෑම ඔතන පොලිතින් කැවු විදුහල්පතිවරයා ලබන මස 04 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි නාවලපිටිය මහෙස්ත්‍රාත් නිලන්ත විමලවිර මහතා  නියෝග කෙළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ නාවලපිටිය බව්වාගම ප්‍රදේශයේ පදිංචි ජානක ජයවර්ධන නැමති (47) හැවිරිදි සැකකාර විදුහල්පතිවරයායි.

සැකකාර විදුහල්පතිවරයා ඉකුත් දින එම පාසලේ 11 වසරේ අධ්‍යාපනය ලබන සිසුන් පිරිසක් දිවා  ආහාර ඔතාගෙන ආ පොලිතින් සහ පත්තර පිටු   පාසල් ළමුන් හත්දෙනෙකුට අනුභව කරන ලෙසට නියෝග කිරිමෙන් අනතුරුව එසේ පොලිතින් ගිල දැමු පාසල් ළමුන් පස්දෙනකු වමනය ,උදරයේ අමාරුව වැනි රෝග ලක්ෂණ සහිතව නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු එම සිසුන් පස්දෙනා දින කිහිපයක් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා මේ වන විට රෝහලෙන් පිටව ගොස් ඇත. එම සිද්ධිය සම්බන්ධයෙන් විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.



අදහස් (5)

පොලිතින් සිද්ධියට නාවලපිටිය විදුහල්පති රිමාන්ඩ්

Nihal Wednesday, 29 November 2023 11:14 PM

දින හතර මදි ,දින 14ක වත් රිමාන්ඩ් කල යුතුය,අනිකුත් අයට පාඩමකට දැඩි දඩුවම් දිය යුතුය,මොහු ලෝකේ කිසිම වෘත්තීය ට සුදුසු නැත

:       0       4

ගමේ එකාලා Thursday, 30 November 2023 03:38 AM

හොන්ද වැඩේ ඔය මිනිහට.මොල්‍රේ අමාරුවක් ඇති .නැත්නම් පොල්තින් කඩදාසි කොළ කවයිද ළමයින් ට.

:       0       6

Bamunuarachchi Thursday, 30 November 2023 07:52 AM

විද්‍යාලපති තුමනි ඔබේ චේතනාව පිරිසුදු එකක් උනත් ඔබ කල වැඩේ අනුමත කරන්න පුළුවන් කමක් නැහැ. කලින් දෙන අවවාද පිළිනොගන්නා පාහර කොල්ලෝ කෙල්ලෝ පාසල් වල ඕන තරම් ඉන්නවා. උන්ව ගහල බැනලා හදන්න යන්න ඕනේ නැහැ. Ignorance is the best කියලා හිතල උන් පාසලට එනවාද කියා බලන්නේ නැතුව ඉන්න තිබුනේ. දැන් ප්‍රමාද වැඩී. කාගෙවත් ළමයි අපි හදන්න ඕනේ නැහැ. උන්ට හෙනගහල ගියත් මට මොකෝ කියන ප්‍රතිපත්තියෙන් ඉන්න.

:       9       4

sunethra Jayasinghe Thursday, 30 November 2023 12:08 PM

ඇයි ළමයි ලන්ච් ශීට්

:       1       0

Nandalal DE SILVA - France Thursday, 30 November 2023 02:49 PM

දැන් මේකට රක්ෂිත බන්ධනාගාරය අහාර වශයෙන් එකේ ළමුන්ට කවපු ආහාර වට්ටෝරුවම දෙන්න .ඒවායේ රස උටත් තේරේවි

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

මාදුරුඔය ගුවන් අනතුරින් 6 දෙනකුගේ දිවි අහිමි වෙති
2025 මැයි මස 09 1469 0

මාදුරුඔය ජලාශයට අද (09) උදෑසන කඩාවැටුණු ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයේ සිටි හමුදා සෙබළුන් 6 දෙනෙකු මියගොස් ඇතැයි පොලීසිය කියයි.


රට බැංකු දෙකක හොඳ හිත ගන්න වැඩ සටහනක්
2025 මැයි මස 09 206 0

ලෝක බැංකුවේ සහ ආසියා සංවර්ධන බැංකුවේ පූර්ණ අන්‍යෝන්‍ය විශ්වාසය පිළිබඳ කාර්ය රාමුව යටතේ ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම


ජනපති පාප්තුමන්ට සුබ පතයි
2025 මැයි මස 09 169 0

14 වැනි ලියෝ පාප් තුමන්ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් පළ කර තිබේ.


දණිස් අමාරුකාරයන්ට සුබ ආරංචියක්
2025 මැයි මස 09 1489 0

සම්පූර්ණ දණහිස් ප්‍රතිස්ථාපන (TKR) පද්ධතිය සඳහා ශරීරයට බද්ධ කරන TKR සංරචක කට්ටල 3,000 ක් සැපයීම සඳහා වූ ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත


සිතුල්පව්ව-තිස්සමහාරාම පොසොන් පින්කමට රජයෙන් අත
2025 මැයි මස 09 290 0

සිතුල්පව්ව හා තිස්සමහාරාම විහාරස්ථාන මූලික කර ගත් පොසොන් උත්සව මාලාව සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍


වෙසක් උත්සවයට අද සිට විශේෂ දුම්රිය සේවා
2025 මැයි මස 09 233 0

වෙසක් උත්සවය හා රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් විශේෂ දුම්රිය සේවා අද (09) සිට ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1252 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 320 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1343 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site