
(සුමිත් ප්‍රේමතිලක)
පයාගල ඈතගම, ශ්‍රී විජයරාමය විහාරස්ථානයේ වාර්ෂික ඇසළ පෙරහර පැවැත්වීමට අවසර දිය නොහැකි බව සෞඛ්‍ය අංශ දැනුම් දීම නිසා විහාරාධිපති මස්තැන්නේ ගුණාලංකාර හිමියෝ පාර මැද වාඩි වී උපවාසයක නිතර වූහ.
ප්‍රදේශයේ කොරෝනා අවදානමක් පවතින බැවින් කොවිඩ් මර්දනය සඳහා රජය විසින් ලබාදී ඇති උපදෙස් අනුව පෙරහැර නැවැත්වීමට උපදෙස් දුන්බව කළුතර පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.ජී.සිංහභාහු මහතා සහ පයාගල පොලිස් ස්ථානාධිපති ඇතුළු කණ්ඩායමක් දැනුම් දීමත් සමගින් උන්වහන්සේ උපවාසය අත්හරින ලදී .
පෙරහර පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබූ නමුත් ,සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති උපදෙස් අනුව පෙරහැර නැවැත්වීමට කටයුතු කළ බව පෙරහැර සංවිධායකයෙක් පැවසීය .
පයාගල පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කන්ඩායමක් එහි ආරක්ෂාවට යොදා තිබුනි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මේ පෙරහැර පැතිරෙමින් පවතින වසංගතයට ආරක්ෂා වීමට වැඩිය ලොකුද?
අනේ අම්මපා මෙහෙම හාමුදුරුවරු
බුද්ධිය පාවිච්චි කරන්න ස්වාමීන්වහන්ස.
රැවුල ගිනි අරන් තියෙද්දී සුරුට්ටු පත්තුකරන්න එපා හාමුදුරුවනේ
හාමුදුරුවනේ, කෑලේ ගහක් යටට ගිහින් භාවනා කළා නම් රහත් වෙන්න වුණත් තිබුණා නේද?
මෝඩ චීවරධාරියෙක්. ආගම විකුණාගෙන සිවුපසය ලබාගන්න උත්සාහ කරන එක හරිම කැතයි. ගම ක්‍රියාත්මක වෙලා මෙවැනි මෝඩ ක්‍රියා මාර්ග නවතා දැමීමට පියවර ගත යුතුය.
පෙරහර පවත්වනන් මිනිස්සු ජීවත් වෙන්න ඔිනි
ලංකාව ඇත්තටම හදන්න බැරි දුර්දාන්ත භික්ෂුව හා කපටි දේශපාලකයා නිසා