IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


පාසල් දරුවන් මත් කළ පියා සැකපිට මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් ප්‍රේමතිලක)

පාසල් ළමුන් ඉලක්ක කරගෙන දුම්කොළ මිශ්‍ර මාවා නමින් හඳුන්වන මත්විට අලෙවි කළ පුද්ගලයකු ලක්ෂ දහයකට ආසන්න වටිනා මාවා මත්ද්‍රව්‍ය තොගයක් සමග පානදුර එළුවිල හංදිය ප්‍රදේශයේ වෙළඳසැලකදී අත්අඩංගුවට ගත් බව පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය කියයි.

සැකකරු වෙළඳසල තුළ සඟවා තිබූ මාවා මත්ද්‍රව්‍ය කීලෝ දහයකට ආසන්න තොගයක් පොලිස් බාරයට ගෙන ඇත.

පානදුර අවට පාසල් සිසුන් මෙන්න අමතර පන්ති කරා යන සිසුන් දුම් කොළ මිශ්‍ර මාවා විට වර්ගයට ඇබ්බැහිව සිටින බවට පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී උදය කුමාර මහතාට ලද තොරතුරකට අනුව ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාගේ උපදෙස් මත සිදුකළ පරීක්ෂණවල දී හෙළි වූ තොරතුරු අනුව මෙම වෙළඳසැල වැටලූ බව පොලීසිය කියයි.

පලතුරු වෙළෙඳ සැලක් පවත්වා ගෙන යන මුවාවෙන් පාසල් සිසුන් සහ අමතර පංති යන සිසුන් ඉලක්ක කර ගෙන ඉටි උර වල දමන ලද ගෑම් 25කින් යුත් මාවා මත්ද්‍රව්‍ය මුලක් රුපියල් 200 ක් වැනි මිලකට අලෙවි කරන බවට විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.

පාසල් සිසුන් ,මෙන්න අමතර පංති අධ්‍යාපනය ලබන සිසුන් මිට ඇබ්බැහි වී ඇතැයි පොලිසිය කියයි.

සැකකාර පුද්ගලයා වයස අවුරුදු හතළිස් අටක් වන දරුවන් සිටින විවාහකයකු බව පවසන පොලිසිය සැකකරු එම ප්‍රදේශයේම පදිංචිකරුවකු වන අතර පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

 



අදහස් (4)

පාසල් දරුවන් මත් කළ පියා සැකපිට මාට්ටු

SL Wednesday, 26 October 2022 08:56 PM

පාසල් දරුවන් මතට හුරුකරන මුන්ට මරණ දඬුවම දීපල්ලා !! මුන් රටේ දරුවන්ට තියෙන භයානකම පිළිලයක් .පාසල් දරුවන් 18000 -25000ත් අතර මතට ඇබ්බැහි වෙලා, සුපිරි පාසල් විතරක් නොවේ ගම්බද පාසලුත් එහෙමයි. කෝ අර පාසැල් වල ගේට්ටු වලට පොලිසිය දානව කියල කයිය ගහපු education ඇමති ? දැන් ඒවා අමතක වෙලා ද ?

:       0       9

රටේ ප්‍රණාමය ඔබ සැමට..! Wednesday, 26 October 2022 09:41 PM

දරුවන් ඉන්න දරුවන්ට හදපත්ලෙන්ම ආදරය කරන නීතීඥ මහත්වරුනි... මොහු වෙනුවෙන් උසාවියේ පෙනී නොසිටන ලෙස අපේ ආයාචනයයි..! නඩුකාරතුමනි ඉහළම දඬුවම මොහුට ලබාදී එය සමාජයට මනාව ඔප්පුකර පෙන්වන්න ඔහුට දුන් දඬුවම..! රටේ ප්‍රණාමය ඔබ සැමට..!

:       0       7

කිරිපුතා Wednesday, 26 October 2022 10:50 PM

මේ නරක මිනිහා විනාශ කළේ අටේ අනාගතය. මොවුන්ට රටේ නීතිය තුළ දඬුවම් නැති වෙන්න පුලුවන් . නමුත් කළ පාපය ඔහුට සලකාවි.

:       0       5

sharm warn Thursday, 27 October 2022 11:12 AM

මෙ මත්ද්‍රව්‍ය වර්ග මෙ රට ඇතුලට එන්නෙ කාගෙ බලතල වලට මුවා වෙලාද? මෙ දෙවෙනි තුන් වෙනි මට්ට්ටමෙ ඉන්න අයව කුදලගෙන ගිහිල්ල අපිට ලොකු පුවත් මවල විතරක් මදි. . තිරෙන් පිටිපස්සෙ ඉන්න මුල් පෙලේ එවුන් ව අල්ලන්නෙ නැතිනම්.. උන්ට මල්මාල දාල පිලි ගන්න එක නවත්වන්න මුලින්ම..

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ජනපති කාර්යාලයේදී වෙසක් බැති ගී දින හතරක්
2025 මැයි මස 10 55 0

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරන “බුද්ධ රශ්මි”වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙ


ආපදා ණය ඉහළට: චක්‍රලේඛය පිටවේ
2025 මැයි මස 10 389 1

රාජ්‍ය සේවකයින් සඳහා ආපදා ණය ලබාදීම සම්බන්ධයෙන් නව විධිවිධාන ඇතුළත් නව චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත්


පුංචි ඡන්දෙන් ජනතාව ආණ්ඩුවට සංඥාවක් දුන්නා
2025 මැයි මස 10 1591 6

පළාත් පාලන මැතිවරණයේදී ජනතාව ආණ්ඩුවට දුන් සංඥාව හොඳින් තේරුම් ගන්නා බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.



ව්‍යවස්ථා සභාවේ ලේකම් ධම්මික අස්වෙයි
2025 මැයි මස 10 2673 4

පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම් ධම්මික දසනායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධූරයෙන් පෞද්ගලික හේතු මත ලබන 15 වැනිදා සිට ඉල්ලා අස්වන බව එම සභාවට ද


කොළඹ ලක්ෂ 10කට ඡන්දය එපා වෙලා
2025 මැයි මස 10 1104 3

කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවල විවිධ රැකියාවන්හි නිරතව සිටි විශාල පිරිසක් මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සිය ගම්බිම් වෙත ගොස් නැත


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 502 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1360 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 352 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site