(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
කොරොනා රෝගය වැළදී දැනට සම්පූර්ණ සුවය ලබා නිවසට පැමිණ සිටින සංචාරක මග පෙන්වන්නෙකු වන ජයන්ත රණසිංහ මහතා තම රුධිරය පරිත්‍යාග කිරීම සඳහා අද (26) කළුබෝවිල ශික්ෂණ රෝහලට කැඳවාගෙන ගිය බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ධනුක පද්මරාජ මහතා පැවසීය.
ජයන්ත රණසිංහ මහතා රෝගය වැළඳී ප්‍රතිකාර ලබන කාලය තුළදී ඉතා ඉහළ ප්‍රතිශක්තිකරණයකින් පසු වීම නිසා ඔහුගේ රුධිර සෛල කොරොනා රෝගය වැළදී දැනට දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන රෝගීන් දෙදෙනාට ලබාදීමට සුදුසු දැයි පරීක්ෂා කිරීම සඳහා ඒ මහතාගේ රුධිරය ලබාගැනීමට කළුබෝවිල ශික්ෂණ රෝහලට රැගෙන ගිය බවද වෛද්‍ය ධනුක පද්මරාජ මහතා පැවසීය.
රුධිරය පරිත්‍යාග කිරීම සම්බන්ධයෙන් රෝහල් බලධාරීන් රණසිංහ මහතාගෙන්
විමසා තිබූ අතර ඒ පිළිබඳව සිය කැමැත්ත පළ කර තිබීම හේතුවෙන් ගිලන් රථයක් රෝගියාගේ නිවසට යවා ඔහුව රෝහලට රැගෙන ගිය බව වෛද්‍ය ධනුක පද්මරාජ මහතා පැවසීය. කළුබෝවිල ශික්ෂණ රෝහලට ගොස් පැය දෙකහමාරකට පමණ පසුව නැවත නිවසට පැමිණි බව ජයන්ත රණසිංහ මහතා පැවසීය.
ගිලන් රථය නිවසට පැමිණ අවස්ථාවේදී කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ධනුක පද්ම රාජ මහතාද එම ස්ථානයට පැමිණ සිටියේය.
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
පළමු ලාංකික කොරෝනා රෝගියා රුධිරය පරිත්‍යාග කරයි
jagath Thursday, 26 March 2020 12:16 PM
ජයවේවා...
සමන් Thursday, 26 March 2020 12:16 PM
ජයන්ත රණසිංහ මහතානෙනි ඔබට බොහෝම පිං ... මෙම පින සැමදා නිරෝගී භාවය පිණිස හේතු වේවා...
Dr. ඩිල්ෂාන් ප්‍රනාන්දු Thursday, 26 March 2020 01:54 PM
මගෙ දෙවියනේ! හරියට සනීප වෙලා වත් නෑ. ලේ වලින් තව කෙනෙකුට ගියොත්? මෙයාල හදන්නෙ රටටම ලෙඩේ බෝ කරන්න. පරීක්ෂණ කරන්න අසරණ රෝගීන් යොදා ගැනීම හෙලා දකිමු.
jayalathFriday, 27 March 2020 01:41 AM
දොස් තර මහත්තයෝ වසූරි රෝගීන්ට සකස්කල එන්නතට ගත්තේ රෝගියෙකුගේ තුවාලයකින් ගත් සැරව කියල වෛද්‍ය වරයෙකුවූ ඔබ නොදැන සිටියත් මළ පොතේ අකුරවත් නොදන්නා මමත් අහල තියෙනවා.
Dr. ඩිල්ෂාන් ප්‍රනාන්දු Friday, 27 March 2020 10:09 AM
මේ වසූරිය නෙමෙයි කොරෝනා. මල පොතේ අකුරක් බැරි උන් එක්ක කතා කරන්න මට උවමනාවක් නෑ.
jayath Thursday, 26 March 2020 03:05 PM
dr දිල්ෂාන් ගේ දොස්තර පට්ටම හැදුවේ මොන කම්මලේද දන්නේ නැහැ . අඩු ගණනේ සයිටම් එකෙන් එලියට ආපු දොස්තර කෙනෙක් වත් මේ වගේ ගොන් කතා කියන්නේ නැහැ . convelescent plsma transfusion කියල එකක් වෛද්‍ය විද්‍යාවේ එනවා... බොරු දුර්මත දමල මිනිස්සු මුලා නොකර අඩු ගන්නේ ඒ ගැන කියවලාවත් බලන්න.
Dr. ඩිල්ෂාන් ප්‍රනාන්දු Friday, 27 March 2020 06:25 AM
සයිටම් එකේ පරිපූර්ණ වෛද්‍ය අධ්‍යාපනයක් දුන්න. අපෙ බැච් එකේ ලමයි 43න් 36 දෙනෙකුට ප්‍රථම පන්තියේ ගෞරව උපාධි තියනවා. මටත් තියනවා. ඒ නිසා සයිටම් එක විතරක් අල්ලගන්න එපා. කොරෝනා මර්දනය කරන්න බැරුව ඉන්නෙ සයිටම් දොස්තරලට නෙමේ නෙ? රජයේ වෛද්‍ය විද්යාල වලින් ආපු දොස්තරලට නේ?