IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පළාගිය රැදවියා අත්අඩංගුවට

( ඩී.ජී.සුගතපාල  සහ  ඩී.ජේ.විජේසිංහ)

ඇල්පිටිය මහේස්ත්‍රාත්වරයා විසින් රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරිමට නියෝග කිරිමෙන් පසු වෛද්‍ය වාර්තාවක් ලබා ගැනිම සදහා  අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරිමට ගෙනගිය අවස්ථාවේ  බන්ධනාගාර නිලධාරින්ගේ බාරයෙන් මිදි පලාගිය සැකකරු ඇල්පිටිය ආදාහනාගරය අසල කැලැවක සැඟව සිටියදි  එදිනම රාත්‍රි අත් අඩංගුවට ගත් බව ගාලු දිසාබාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.

මුදල් සහ බැංකු කාඩ්පත් සොරකම් කිරිමේ වරදට අත් අඩංගවට ගන්නා ලද ඇල්පිටිය තලාව පදිංචි බෝවිතන්ත්‍රි සංජිව එරංග නමැති සැකකරු   ඇල්පිටිය මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කල අවස්ථාවේ සැකකරු පවසා ඇත්තේ පොලිස් නිලධාරින් තමන්ට පහරදුන් බවය.

 සැකකරු ලබන 13වනදින දක්වා රිමාන්ඩ් බන්ධානාගාර ගත කිරිමට නියෝග කල මහේස්ත්‍රාත්වරයා සැකකරු අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කොට වෛද්‍ය වාර්තාවක් ලබා ගන්නා ලෙසටද නියෝග කර ඇත.

ඒ අනුව බන්ධනාගාර නිලධාරින් සැකකරු ඇල්පිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත රැගෙන ගිය අවස්ථාවේ සැකකරු අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ජනෙල් කවුළුවකින් පැන ඊයේ  (1)පලාගොස්  ඇත.

පසුව සැකකරු සම්බන්ධ සියලු විස්තර  අවට  සියලුම පොලිස් ස්ථානවෙතද දැනුම් දිමෙන් පසු කරන ලද සෝදිසි මෙහෙයුමකදි සැඟව සිටි  සැකකරු මෙසේ අත් අඩංගුවට ගෙන ඇත.

 



අදහස් (0)

පළාගිය රැදවියා අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site