
(නිමල කොඩිතුවක්කු)
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් යූ.බී.රෝහණ රාජපක්ෂ මහතා පැවසීය.
2024 වර්ෂයේ මහ කන්නයට අදාළ පොහොර සහනාධාරය ලබා දීම පසුගිය ඔක්තෝම්බර් මස 14 වැනිදා ආරම්භ කළ බවත් දිස්ත්‍රික්ක 22ක ගොවින් එක්ලක්ෂ නවදහසක් වෙනුවෙන් රුපියන් මිලියන 1292ක් ලබා දී ඇති බවත් කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය. ඉන් ගොවින් 19,900ක් සිටින අම්පාර දිස්ත්‍රික්කයට මිලියන 291ක් වැඩිම වූ මුදල දී ඇති බවද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු කීවේය.
පළමු අදියරේදි හෙක්ටයාර 1ක් සඳහා රුපියල් 15,000ක් ද දෙවන අදියර සඳහා රුපියල් 10,000ක් ලබා දිමට සැලසුම් කර ඇති බවත් රාජපක්ෂ මහතා පැවසීය.පළමු අදියරේදී සහනාධාරය ලබා දිම සිදුවන්නේ කුඹුරේ ප්‍රථම සී සෑම අවසන් කර ඒ බව දැන්වූ වහාම බවද ඔහු සඳහන් කළේය.
පොළොන්නරුවේ ගොවීන් සඳහා කඩිනමින් පොහොර සහනාධාර ලබාදීම සිදු වන බවත් අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙස ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්වරයා තවදුරටත් කීවේය.
2025 දෙසැම්බර් මස 30
90
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
737
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
361
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
Lalla Tuesday, 19 November 2024 08:57 PM
ගොවීන්ගේ ගිනුමට නොව සෑම පොහොර වර්ගයකටම අදාළ කර සහනදායක මිලකට පොහොර දෙන්න බැරිද? පොහොර අවභාවිත කළ නොහැකි දෙයක්. කොයි වගාවට භාවිත කලත් රටට යහපතක් ලැබෙන දෙයක්.