IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


පැහැරගත් 63 ක් තවමත් හමාස් ප්‍රාණ ඇපයේ

මීට වසරකට පෙර, 2023 ඔක්තෝබර් 7 වැනිදා, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්, ඊශ්‍රායලයට කඩා වැදී, පහර දී ප්‍රාණ ඇපකරුවන් ලෙස ගාසා තීරයට රැගෙන ගිය ඊශ්‍රායල වැසියන් 251 දෙනාගෙන්, 63 දෙනකු තවමත් හමාස් ග්‍රහණයේ පසුවන බව වාර්තා වේ.

මෙම 63 දෙනා අතරේ, පිරිමින් 51 දෙනකු, ගැහැනුන් 10 දෙනකු සහ කුඩා දරුවන් දෙදෙනකු ද සිටින බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි. හමාස් ග්‍රහණයේ පසුවුණු තවත් ප්‍රාණ ඇපකරුවන් 34 දෙනකු ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ජීවිතක්ෂයට පත්වන්න ඇතැයි ද අනුමාන කෙරේ.

2023 ඔක්තෝබර් 7 වැනිදා, හමාස් සටන්කාමීන්, ඊශ්‍රායලයට කඩා වැදී පහර දී පැහැරගත් 251 දෙනාගෙන්, 117 දෙනකුට නිදහස හිමිවූයේ පසුගිය නොවැම්බරයේ සතියක කාලයක් පැවැති සටන් විරාමයක් අතරතුරේය. එම සතියක කාලයේ, නිදහස ලැබූ වැඩිදෙනා කාන්තාවන් සහ කුඩා දරුවන් මෙන්ම, ඊශ්‍රායලයට පැමිණ සිටි විදෙස් ශ්‍රමිකයන්ය.

(අල් ජසීරා)



අදහස් (0)

පැහැරගත් 63 ක් තවමත් හමාස් ප්‍රාණ ඇපයේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 88 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 31 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site