( තිළිණි ද සිල්වා )
පස් හා වැලි ප්‍රවාහනය කිරීම සඳහා පනවා තිබූ බලපත්‍ර ක්‍රමය කැබිනට් පත්‍රිකාවක් මඟින් අහෝසි කිරීම අත්හිටුවන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනු කළ රිට් පෙත්සම ලබන පෙබරවාරි 27 වැනි දා කැඳවීමට අභියාචනාධිකරණය තීන්දු කළේය.
පෙත්සමෙන් ඉල්ලා ඇති අතුරු තහනම් නියෝගය සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීම ද එදින සිදු කරන ලෙසද අධිකරණය පෙත්සම්කාර පාර්ශවයට නියම කළේය.
මෙම පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා හමුවේ කැඳවූ අතර එහිදී මෙම නියෝග නිකුත් කළේය.
මෙහි වගඋත්තරකරුවන් ලෙස අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා ඇතුළු කැබිනට් අමාත්‍ය මණ්ඩල, භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය, පොලිස්පති හා නීතිපතිවරයා නම් කර ඇත.
පෙත්සම්කරුවන් ගොනු පෙත්සමේ මෙසේ ද සඳහන් වේ.
පරිසර හා වනජීවි අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා පසුගිය දෙසැම්බර් මස ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් එකී බලපත්‍ර ක්‍රමය අහෝසි කර ඇතැයි සිය පෙත්සම මගින් පෙන්වා දී ඇත.
1992 අංක 33 දරණ පරිසර පනත ප්‍රකාරව පස් හා වැලි ප්‍රවාහනය සඳහා බලපත්‍ර ලබා ගැනීම අනිවාර්යව තිබියදී පනතේ වගන්ති උල්ලංඝණය කරමින් සිදුකළ බලපත්‍ර ක්‍රමය අහෝසි කිරීම නිසා පස් හා වැලි කැණීම් උග්‍ර වී නායයෑම් පාංශු ඛාදනය, ගං ඉවුරු ඛාදනය පුළුල් වී මුහුදු ජලය ඇළ මාර්ග ඔස්සේ ගලා ඒම යනාදී පාරිසරික ගැටලු වැඩි වී ඇත.
කැබිනට් මණ්ඩලය ගෙන ඇති එකී තීරණය නීතිවිරෝධී බවට තීන්දු කර බලපත්‍ර නොමැතිව සිදුකරන ප්‍රවාහනය කිරීම් අත්අඩංගුවට ගැනීමට පොලීසියට නියෝග කරන ලෙසද පෙත්සම්කාර සංවිධානය අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබිණි.
2025 දෙසැම්බර් මස 30
83
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
734
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
356
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පස්-වැලි ප්‍රවාහන බලපත්‍ර අහෝසි කිරීමට එරෙහි පෙත්සම පෙබ.27 කැඳවයි