IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පාසල් සිසුවාගේ ඝාතනයට විරෝධයක්

(මාතලේ  රවින්ද්‍ර විරාජ් අබයසිරි)

තම මිතුරාගේ පෙම්වතිය බැලීම සඳහා යන අවස්ථාවේදී පිරිසක් විසින් පාසල් සිසුවෙකුට අමානුෂික ලෙස පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය දක්වමින්  නාලන්දවත්ත ප්‍රදේශවාසීන් හා  ඔහු ඉගෙන ගත් පාසලේ සිසුන් අද (03) වන දින විද්‍යාලය ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වූහ.

පහරදීමෙන් ඝාතනයට ලක්වූ   පාසල් සිසුවාගේ නාලන්ද වත්ත ප්‍රදේශයේ පිහිටි නිවස අසල සිට මහනුවර යාපනේ ඒ9 මාර්ගය ඔස්සේ කිලෝමීටර් 5 ක පමණ දුරින් පිහිටි ඔහු අධ්‍යාපනය ලැබූ කවුඩුපැලැල්ල කලෙයින්මගල් විදුහල වෙත ප්‍රදේශවාසීන් 500ක් පමණ පා ගමනින් පැමිණ විද්‍යාලයේ සිසුන් සමග එක්ව ඒ9 මාර්ගය  විටින් විට අවහිර කරමින්  කරමින් පැයක පමණ කාලයක් විරෝධතාවයේ නිරත විය.

අමානුෂික ලෙස පහර දීඝාතනය කරන ලද වයස අවුරුදු (17) කවුඩුපැළැල්ල කලෙයි මගල් විද්‍යාලයේ ඉගෙනුම ලැබූ මෝගන් යුගේස් නැමති පාසල් සිසුවෙකි.

පහර දුන් පුද්ගලයින් සඳහා නීතිය ක්‍රියාත්මක කර ඔහුගේ මරණයට සාධාරණයක් ඉෂ්ට කරන ලෙස ඉල්ලා මෙම විරෝධතාවය  කලේමඟල් විද්‍යාලයේ විදුහල්පති ඇතුළු ගුරු මමණ්ඩලය  හා පාසල් සිසුන්   විරෝධතාවය සඳහා එක්ව සිටියේය.



අදහස් (1)

පාසල් සිසුවාගේ ඝාතනයට විරෝධයක්

hemantha Thursday, 03 October 2024 03:08 PM

අනේ රට හරක් එතකොට පාර බ්ලොත් කරලා හරියනවාද ?

:       30       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 23 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 705 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 334 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site