IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පාසල් සිසුන්ගේ අයි.ඩී ඡායාරූප - දඩ කාලය දීර්ඝ කරයි

(යොහාන් භාසුර)

ජාතික හැදුනුම්පත් සකස් කිරීම සඳහා පාසල් ඉල්ලුම්කරුවන් මාර්ගගත ක්‍රමය ඔස්සේ ලබාගත් ඡායාරූපවල සහ දඩ මුදල් අය කිරීමේ කාලසීමාව ලබන මාර්තු මස 31 වැනිදා දක්වා දීර්ඝ කළ බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා පැවසීය.

වයස අවුරුදු 15 ට එළඹි දින සිට අවුරුද්දක් ඇතුළත ඉල්ලුම්පත් ඉදිරිපත් නොකිරීම හේතුවෙන් දඩ මුදල් අයකිරීමේ කාලසීමාව මෙසේ දීර්ඝ කළ බව කී ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා පාසල් සහ පිරිවෙන්හි විදුහල්පතිවරු සහ පරිවේණාධිපතිවරු සහතික කළ ඉල්ලුම්පත්වලට පමණක් මෙම කාලය දීර්ඝ කිරීම බලපැවැත්වෙන අතර අදාල ඉල්ලුම්පත් මාර්තු මස 31 වැනිදාට පෙර දෙපාර්තමේන්තුවට යොමු කළ බව ද සඳහන් කළේය.

ඡායාරූපවල සහ දඩ මුදල් අයකිරීමේ කාලසීමාව මීට පෙර පසුගිය දෙසැම්බර් 31 වැනිදා දක්වා දීර්ඝ කළ බවත් පාසල්වලින් අඛණ්ඩව කළ ඉල්ලීම් සළකා මෙම දීර්ඝ කිරීම කළ බවත් සපුතන්ත්‍රි මහතා කීය. 



අදහස් (2)

පාසල් සිසුන්ගේ අයි.ඩී ඡායාරූප - දඩ කාලය දීර්ඝ කරයි

Sunil Monday, 06 February 2023 12:50 PM

අබුද්දස්ස කාලෙ, කලට වෙලාවට අය්දුම් පත් යොමු කලත් ලැබෙන්නෙ කඩදහියක් පමනයි. මෙයයි සෞභාග්‍යයේ දැක්ම.

:       0       8

Sampath Tuesday, 07 February 2023 08:06 AM

2021 සාමාන්‍ය පෙල විහාගයට පෙනි සිටි ලමුන්ගේ හැදුනුම්පත් කෝ......... දඩ සහ බදු පමණක් ද? රාජ්‍ය ආදායම .......?????

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 99 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 365 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site