IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පාසැල් දැරියට අතවර කළ යුධහමුදා කපිතාන් අත්අඩංගුවට

(පැතුම් දර්ශන)

අවුරුදු 14ක් වයසැති පාසල් දැරියකට ලිංගික අතවර කළ යුද හමුදා කපිතාන්වරයෙකු හොරොව්පොතාන නගරය ආසන්නයේ පිහිටි තානායම් පාර ප්‍රදේශයේදී සැකපිට  අද(09) සවස අත්අඩංගුවට ගත් බව හොරොව්පොතාන පොලිසිය කියයි.

හොරොව්පොතාන තානායම් පාර ප්‍රදේශයේ පාලු ස්ථානයක නිල ඇඳුමෙන් සැරසුනු පාසල් දැරියක හා සිවිල් ඇඳුමක් ඇඳගත් පුද්ගලයකු අශෝභන ලෙස හැසිරෙන බවට ළමා හා කාන්තා කාර්යංශයට ලැබුණු තොරතුරක් අනුව පොලීසිය එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු හොරොව්පොතාන අලපත්වැව ප්‍රදේශයේ පදිංචි දෙදරු පියකු බව පොලීසිය වැඩිදුරටත් කියයි.

මොහු නෙළුමිවැව, ජනකපුර යුද හමුදා කඳවුරේ සේවය කරමින් සිටියදී නිවාඩු ලබා පැමිණ ඇති බවට අනාවරණය වී තිබේ.

දැරිය පාසල නිමවීමෙන් පසු අනුරාධපුර හොරොව්පතාන බස් රථයක නැගී නිවස  බලා එමින් සිටියදී  එම බස් රථයෙන්ම පැමිණි සැකකාර කපිතාන්වරයා දැරිය රවටා ඇති බව පොලිසිය පවසයි. 

නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කර ලිංගික අතවර සිදු කිරීමේ චෝදනාව යටතේ සැකකරුට එරෙහිව හෙට (10) කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත් අධිකරණයේදී  නඩු පැවරීමට නියමිතය.



අදහස් (0)

පාසැල් දැරියට අතවර කළ යුධහමුදා කපිතාන් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 79 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 733 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 354 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site