IMG-LOGO

පවුල් ලක්ෂ තුනක අස්වැසුම දත්ත අස්ථානගත වුනාද?

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

අස්වැසුම සුබ සාධක ප්‍රතිලාභ ලබා ලබාදීම සඳහා රැස් කරන ලද පවුල් ලක්ෂ තුනක පමණ දත්ත අස්ථානගත වී තිබෙන බවට ආරංචි  ලැබී තිබෙන්නේ යැයි  ජාතික ජනබලවේගයේ පත්කළ මන්ත්‍රීනී හරිනි අමරසූරිය මෙනවිය  පාර්ලිමේන්තුවේ දී පැවැසුවාය.

එය සිදුවූයේ කෙසේදැයි ප්‍රශ්න කළ අමරසූරිය මෙනවිය  දත්ත එකතු කිරීමේ ක්‍රියාවලියත් ඉතා සංකීර්ණ ක්‍රියාවලියක් බව ද කීවාය.

නිර්ණායක විසිදෙකක් අනුව දත්ත එකතු කළ යුතුව තිබෙන බවද දත්ත එකතු කිරීමේ දී යම් ප්‍රශ්නයක් ආවා ද?දත්ත අප්ඩේට් කිරීමේ ක්‍රමවේද දෙපාර්තමේන්තු වල තිබෙනවාදැයි අමරසූරිය මෙනවිය කීවාය.

ජන සවිය ,සමෘද්ධිය ආදී සියල්ල දේශපාලනීකරණය වීම නිසා හරියට ක්‍රියාත්මක වන්නේ නැතැයි ද සුභසාධක වැඩසටහන් නිවැරදිව ක්‍රියාත්මක වීමට නම් එය දේශපාලනීකරණයෙන් ඉවත් විය යුතු යැයි ද අමරසූරිය මෙනවිය පැවැසුවාය.

සමෘද්ධි  දෙපාර්තමේන්තුවෙන් වන වැඩසටහන් වල දැනටත් දේශපාලනය පෙනෙන්නට තිබෙන බවද අස්වැසුම වැඩසටහනත් විකෘතී නොවන්න ගෙන තිබෙන පියවර මොනවාදැයි අමරසූරිය මෙනවිය ප්‍රශ්න කළාය.



අදහස් (0)

පවුල් ලක්ෂ තුනක අස්වැසුම දත්ත අස්ථානගත වුනාද?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 360 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 903 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1301 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site