IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පොලිස් වෙඩි මැද පලා ගිය රිය බෝමිරියේ නිවසක සඟවලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

කඩුවෙල පොලිසිය අසලදී පොලිස් වෙඩි ප්‍රහාර මධ්‍යයේ පළා ගිය රාත්‍රී සමාජ ශාලා හිමිකරුට අයත් මෝටර් රථය බෝමිරිය ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී  ඊයේ (11) රාත්‍රී සොයා ගත් බව කඩුවෙල පොලිසිය කියයි.

මෝටර් රථයේ සොයාගෙන ඇත්තේ සැකකරු සිය මවගේ නිවසේ මෝටර් රථය සඟවා තිබියදීය. 

සැකකරු මේ වන විට ප්‍රදේශය හැර පලා ගොස් ඇති අතර ඔහු තලවතුගොඩ ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක හිමිකරුවකු බවත් පොලිසිය කියයි.

කඩුවෙල  වැලිවිට 8 කණුව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක සමඟ සමාජ ශාලා හිමිකරු මිතුරුකමක් පවත්වාගෙන යන අතර ඉකුත් 9 රාත්‍රී දෙදෙනා අතර ඇති වූ බහින්බස්වීමකින් අනතුරුව  කාන්තාව තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

මේ සම්බන්ධයෙන් එම කාන්තාව විසින් 119 පොලිස් හදිසි ඇමතුම් අංශය දැනුම්වත් කර ඇති අතර පොලිස් නිලධාරීන් එම ලිපිනය සොයා යාමේදී පිටස්තර පුද්ගලයකු එම ස්ථානයේ නොවීම හේතුවෙන් පොලිස් නිලධාරින් නැවත පැමිණ ඇත.

 



අදහස් (0)

පොලිස් වෙඩි මැද පලා ගිය රිය බෝමිරියේ නිවසක සඟවලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 23 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 704 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 334 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site