IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


පොලිස් ත්‍යාග මුදල් සොරා කෑ පොලිස් නෝනාගේ වැඩ තහනම්

 (ගයාන් සූරියආරච්චි සහ ඉන්දිකා රාමනායක)

රථවාහන නිලධාරීන්ට ත්‍යාග මුදල් ලෙස ගෙවීමට තිබූ රුපියල් 192,400 ක මුදලක් නිලධාරින්ට නොගෙවා ව්‍යාජ සටහන් හා අත්සන් යොදා වංචා කළ බව කියන මීගමුව පොලිස් ස්ථානයේ පාලන අංශයේ ස්ථානාධිපතිනියගේ වැඩ තහනම් කළ බව මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.

මෙසේ වැඩ තහනමට ලක්වී ඇත්තේ මීගමුව පොලිස් ස්ථානයේ පාලන අංශයේ ස්ථානාධිපතිනිය ලෙස කටයුතු කළ කාන්තා පොලිස් පරීක්ෂිකාවකි.

ඉකුත් 2023 වසරට අදාලව මීගමුව පොලිසියේ රථවාහන නිලධාරීන්ට දෙසැම්බර් මාසයේ ගෙවීමට තිබූ රථවාහන ත්‍යාග මුදල් මෙම නිලධාරිනිය විසින් නොගෙවා ව්‍යාජ සටහන් සහ අත්සන් යොදා එම මුදල් වංචාකර ඇති බවට පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වීඇති බව පොලිසිය පවසයි.

ඒ සම්බන්ධයෙන් මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය මගින් සිදුකළ විමර්ශනවලදී ඇය එම මුදල් වංචා සහගතව ලබාගෙන ඇති බව අනාවරණය වී ඇත.

එම විෂමාචාර ක්‍රියාව සම්බන්ධයෙන් එම නිලධාරිනියගේ වැඩ  ඊයේ(12) සිට තහනම් කිරීමට කටයුතු කළ බව මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය කියයි.
 



අදහස් (2)

පොලිස් ත්‍යාග මුදල් සොරා කෑ පොලිස් නෝනාගේ වැඩ තහනම්

Negombo kollo Thursday, 14 November 2024 05:59 AM

ඇතුලම හොරු අපිට කොහද පිළිසරණක්

:       0       0

sam Thursday, 14 November 2024 06:17 AM

හොයලා බලන්න මේ ගැනු කෙනා රාජපක්ෂ කෙනෙක්ද කියලා...විකමසිංහ කෙනෙක්ද කියපා කට්ටියට ඕක සුලු දෙයක්

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 747 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site