IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


පොලිසිය මහජන සහය පතයි

(ගයාන් සූරියආරච්චි)

විදේශ රටක රැකියා ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කළ බව කියන සැකකාරියක සහ තියුණු ආයුධයකින් කාන්තාවකගේ ගෙල කපා ඝාතනය කිරීමේ සිද්ධියකට අදාල සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් මූලස්ථාන මහජය සහාය ඉල්ලා සිටියි.

සැකකාර කාන්තාව විසින් රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචාකර ඇතිබවට කාන්තාවන් 5 දෙනකු විසින් රක්වාන පොලිසියට කළ පැමිණිල්ලකට අනුව රක්වාන පොලිසිය විමර්ශන ආරම්භ කර තිබුණි.

ඒ අනුව රක්වාන කනදගම, පොතුපිටිය ප්‍ර දේශයේ පදිංචි දළුගොඩ ආරච්චිලාගේ හර්ෂණී ප්‍රියන්තිකා නැමැත්තිය 40 හැවිරිදි කාන්තාව පිළිබදව තොරතුරු දන්නේ නම් රක්වාන පොලිසියේ ස්ථානාධිපතිවරයා 071 859 1394 යන දුරකතන අංකයට තොරතුරු ලබාදෙන ලෙස පොලිසිය ඉල්ලා සිටියි.

සැකකරු ඉකුත් අප්‍රේල් මස 18 වැනි දින මතුගම දොලහේනවත්ත ප්‍ර දේශයේ කාන්තාවකගේ ගෙල තියුණු ආයුධයකින් කපා ඝාතනය කිරීමේ අපරාධයට අවශ්‍ය කරන සැකකරුවකු බවත් ඔහු මතුගම, අගලවත්ත ප්‍ර දේශයේ පදිංචි බ්‍රාහ්මණගේ දොන් සනත් රවීන්ද්‍ර නිලංත නැමැති 41 හැවිරිදි පුද්ගලයකු බවත් පොලිසිය කියයි.

මේවන විට සැකකරු ප්‍ර දේශයෙන් පලාගොස ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශන ආරම්භ කර ඇති අතර සැකකරු සම්බන්ධයෙන් තොරතුරක් වෙතොත් මතුගම සහකාර පොලිස් අධිකාරී 071 859 1700 යන දුරකතන අංකයට දන්වන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.



අදහස් (0)

පොලිසිය මහජන සහය පතයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 437 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16865 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 661 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site