
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පොලිස් නිළධාරීනීයකගේ පාද විඩියෝ කර සමාජ මාධ්‍ය දැමු තරුණයින් දෙදෙනෙකු අද(29) අත්අඩංගුවට ගැනිමට කටයුතු කළ බව හලාවත මුලස්ථාන පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හලාවත බංගදෙනිය හා කුමාරකට්ටුව පදිංචි සැකකාර තරුණයින් දෙදෙනෙකු බව කියයි.
මෙම සැකකාර තරුණයින් දෙදෙනා පසුගිය 27 දින පැමිණිල්ලක් විභාග කිරීමට පැමිණ සිටිය දී පොලිස් නිළධාරීනියක් රාජකාරි කරන අතර තුර දී නිල ඇදුම ඉස්සි යාමේන් විවෘත වූ පාද විඩියෝ කර එය සමාජ මාධ්‍යට මුදා හැර තිබිමේ චෝදනාවට මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව හලාවත මුලස්ථාන පොලිසිය කියයි.
අදාළ සිද්දියට මුහුණ පෑ පොලිස් නිළධාරීනිය තම ඉහළ නිළධාරීන්ට තමන් අපහසුතාවයට පත්වන ආකාරයට මෙලෙස විඩියෝවක් සමාජ මාධ්‍ය ගත කර ඇති බවට පැමිණිලි කිරීමත් සමඟ ඒ පිළිබදව විමර්ශනයක් ආරම්භ කර සැකකාර තරුණයින් දෙදෙනා අත් අඩංගුවට ගැනීමට කටයුතු කර තිබුණි.
2025 දෙසැම්බර් මස 18
693
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිසියේ දී මදන විසේ ඇවිස්සී කූඩුවේ
sanath Sunday, 29 September 2024 07:13 PM
පොලිසිය ඇතුලේ පොලිස් නිලධාරිනියකට මෙහෙම නම්... සාමාන්‍ය තැනක ගෑණු ළමයෙකුට කොහොම වෙයිද කියලා තමයි... මෙහෙම අමනයින්ට මතක හිටින දඬුවම් දෙන්න ඕනෑ...
tissa Sunday, 29 September 2024 08:33 PM
අපේ බහුතරයක් අද ෆෝන්වලින් කරන්නේ ඔය වගේ වැඩ තමයි...
MadhurangaMonday, 30 September 2024 08:27 AM
උපරිම දඬුවමක් සමග ඔවුන්ට සදාකාලිකව ජංගම දුරකථන (සාමාන්‍ය හා ස්මාර්ට් ) පාවිච්චිය ජීවිත කාලයටම වළංගු වන සේ තහනම් කරන්න (වෙනත් අයෙකුගේ නමින් වත් අරගන්න නොහැකි වෙන්න) පුළුවන් නම් ඔහොම අය සමාජයෙන්ම තුරන්කිරීම කරන්න පුළුවන් වේවි...!