IMG-LOGO

පොලොන්නරුවේ වී අලෙවි මණ්ඩලයට හුලං

(ක.ග.කරුණාරත්න)
පොලොන්නරුවේ ගොවීන් මණ්ඩලයට වී අලෙවි නොකරන බව වී අලෙවි මණ්ඩලය කියයි.
මෙවර යල කන්නයේ වී අස්වනු නෙළීමේ කටයුතු  මේ වනවිට බහුලව සිදු කෙරෙන නමුත් වී අලෙවි මණ්ඩලයට අලෙවිකර ඇත්තේ පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ ගොවීන් ඉතා සුලූ පිරිසක් බව පොලොන්නරුව ප‍්‍රාදේශීය කළමනාකරු නිමල් ඒකනායක මහතා පවසයි.
එයට හේතුව රජයේ සහතික මිලට වඩා වැඩි මිලකට සහල් මෝල් හිමියන් සහ පෞද්ගලික වෙළෙඳුන් ගොවීන්ගෙන් වී මිලදී ගන්නා නිසා බවද ඒ මහතා කියයි. 
වී අලෙවි මණ්ඩලය පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ මධ්‍යස්ථාන 25ක වී මිලදී ගැනීමේ කටයුතු මේවනවිට ආරම්භ කර ඇතැත් දැනට මිලදී ගෙන ඇත්තේ වී කිලෝ එක් ලක්‍ෂ හැට දහසක් පමණ යැයිද ඒකනායක  මහතා කීය. 
රජයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ යටතේ මෙවර යල කන්නයේ පොලොන්නරුව දිස්ත‍්‍රික්කයෙන් වී මෙට‍්‍රික් ටොන් පණස් දහසක් මිලදී ගැනීමට අපේක්‍ෂා කළ බවකී ඒ මහතා ඇතැම් මධ්‍යස්ථානවලට වී ඇටයක්වත් මිලට ගැනීමට නොහැකිවී ඇති බවද පවසයි.
සම්බා වී කිලෝවක රජයේ සහතික මිල රුපියල් 52ක් වන අතර නාඩු වී කිලෝවක රජයේ සහතික මිල රුපියල් 50කි. 

එහෙත් පෞද්ගලික වෙළෙඳුන් නාඩු වී කිලෝවක් සඳහා රුපියල් 55ක මුදලක්ද සම්බා වී කිලෝවකට රුපියල් 58ක් මුදලක්ද තමන්ට ලැබෙන බව ගොවීහු කියති.

බොහෝ සහල් මෝල් හිමියන් සහ පෞද්ගලික වෙළෙඳුන් මේ දිනවල ගොවියාගේ කුඹුරටම ගොස් වී අස්වනු  මිලදී ගන්නා බවද ඒ ගොවීහු කීහ.

 



අදහස් (1)

පොලොන්නරුවේ වී අලෙවි මණ්ඩලයට හුලං

ranjith Wednesday, 11 August 2021 09:09 AM

පොළොන්නරුවේ හාල් මෝල් කාරයෝ කීප දෙනා මේ කොරෝනා වසංගතය හමුවේ වී ගොවීන් සහ අහිංසක ජනතාවගේ බත් පතෙන් සූරා කනවා මේ අපරාදයට මුං මොන අපායේ යන්නද

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 383 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 544 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site