IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පෝර සහනාධාර දෙනවාට මැතිවරණ කොමිසම විරුද්ධ නෑ

(අංජුල මහික වීරරත්න)

පොහොර සහනාධාරය ගොවීන් වෙත ලබා දෙනවාට විරෝධයක් නැතැයි මැතිවරණ කොමිසම දැනුම් දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ ලංකාදීපයට පැවසීය.

හෙක්ටයාරයකට රුපියල් 25000ක බැගින් ගොවීන් වෙත පොහොර සහනාධාරයක් ලබාදීමට ජනාධිපති අනුර දිසානායක මහතා තීරණය කළ අතර ඉන් අනතුරුව මැතිවරණ කොමිසම විසින් එම සහනාධාරය ලබාදීම මැතිවරණය අවසන් වන තෙක් නතර කරනු ලැබීය.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ මහතා පැවසූයේ තමා මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට ලිඛිතව කරුණු දැක්වූ අතර දේශපාලන පක්ෂ කිහිපයක්ද පොහොර සහනාධාරය ලබාදීමට විරෝධයක් නැති බව මැතිවරණ කොමිසමට දැනුම් දී තිබූ බවයි.

මැතිවරණ කොමිසමේ එකඟතාවය අනුව අදාළ පොහොර සහනාධාරය නිසි පරිදි ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 



අදහස් (7)

පෝර සහනාධාර දෙනවාට මැතිවරණ කොමිසම විරුද්ධ නෑ

Nisha Thursday, 03 October 2024 05:55 PM

හොඳ තීරණයක්. පොහොර සහනාධාරය ගොවීන්ට දෙන එක රජයේ යුතුකමක්... ඒ වගේම රජයෙන් ලැබෙන සහනාධාරය කිසි විටක දේශපාලනය සමග සම්බන්ධ විය යුතු නෑ. ජනාධිපතිට, මැකෝට ගොඩක් ස්තූතියි...!

:       5       66

Rama Thursday, 03 October 2024 07:03 PM

එතකොට ජනාධිපතිවරණයට කලින් රනිල් ඕක දෙන්න ගියාම නැවැත්තුවේ ඇයි?

:       19       22

Lalith Thursday, 03 October 2024 08:16 PM

ඒ වෙලාවේ රනිල් අපෙක්ෂකයෙක්... දැන් ජනාධිපති අපේක්ෂකයෙක් නෙවෙයි.., විපක්ෂයේ පක්ෂ වලිනුත් ඒක දීමට විරුද්ධ නැති බවට ලිපියක් මගින් මැතිවරණ කොමිසමට දැනුම් දුන් හින්දා ඒකට අවසර දෙනු ලැබුවේ...

:       0       1

Chinthaka Friday, 04 October 2024 05:19 AM

රනිල් දෙන්න ගියාම නැවැත්තුවා. දැන් කියන්නෙ ඒකාලෙ අනුමත ඒවා ගෙවීම වරදක් නැහැ කියලා. එහෙම නම් මේ පොහොර සහනාධාරය රනිල්ගෙ කාලයේ අනුමත කල එකක් මිස අනුරගෙ කාලයේ අනුමත කල එකක් නොවෙයි කියලා හොදින්ම පැහැදිලියි .මේවා ගැන මහමැතිවරණය වෙලාවෙ අපේක්ෂකයින් පැහැදිලි කලොත් හොදයි

:       1       3

අරවින්ද මොනරවිල Thursday, 03 October 2024 06:30 PM

මැතිවරණ කොමිසම පොහොර සහනාධාරයට විරුද්ධ වුනේ මොන පදනම මතද කියන එක ප්‍රශ්නයක්, ජනාධිපතිවරයා මැතිවරණ පැවැත්වෙන දින ගැසට් කෙරුවාට තවම නාමයෝජනා බාර ගැනීමවත් ආරම්භ කරලා නැහැ...

:       5       27

Amarajeewa weerasekara Arachchi Friday, 04 October 2024 10:50 AM

එය හොඳ අදහසකි (එක් අයෙකු ගඟට එන විට අපි ගඟ තරණය කළ යුතුය)

:       0       1

ගමේ එකාලා Friday, 04 October 2024 01:56 PM

හාල්, ටකරන් තහඩු ,ඡන්ද අල්ලස් දීපු දේසපාලුවොත් ඉන්නවා.පොහොර සහනාධාරය දුන්නේ මහ කන්නයේ ගොවීන්ට අවශ්‍යම නිසා.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 23 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 705 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 334 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site