IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


පුරා වස්තු සොයා කැනීම් කළ 2 ක් අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

තෙබුවන පිච්චර් පැලස් වත්ත ප්‍රදේශයේ  ගල්තලාවක්  තුළ තැන්පත් කර ඇතැයි කියන   රනින් නිමවන  ලද කෙන්ඩියක්  ලබා ගැනීම සඳහා  කැනීම් සිදුකළ පුද්ගලයන් දෙදෙනෙක් ඊයේ (6) රාත්‍රියේ   අත්අඩංගුවට ගත් බව  පොලිසිය කියයි 

අත්අඩංගුවට පත් වූවන් අතර ප්‍රධාන සැකකරු ද සිටින බවත් ඔහු වාහන තත්ව පාලක වරයෙක් බවත් අනෙක් සැකකරු පෑස්සුම් කරුවකු බවත් පොලිසිය කියයි 

ඉංගිරිය සහ හොරණ පොලිසියේ ඒකාබද්ධව සිදුකළ වැටලීමේදී එම ස්ථානයේ පුරාවස්තු ලබාගැනීමේ අරමුණින්  කැණීම් කරමින් සිටි තවත් කීපදෙනකු  පලාගිය බව පොලිසිය කියයි 

එම සැකකරුවන්  සමග කැණීම් උපකරණ පූජා භාණ්ඩ ,ජංගම දුරකථන තුනක් සැකකරුවන් පැමිණි සුඛෝපභෝගී  ජීප් රථයද පොලිසිය භාරයට ගෙන ඇත 

කිහිප දෙනකු එක්ව පික්චර් පැලස් වත්ත  ප්‍රදේශයේ තිබෙන ගල් තලාවක් ගල්බෝර දමමින්  පුපුරවන බවට  ඉංගිරිය  පොලිසියේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදු කළ බව පොලිසිය කියයි 

සැකකරුවන්  එම ගල්තලාව පිපිරීමට පෙර  ස්කෑනර් යන්ත්‍ර උපයෝගී කරගනිමින්  එහි භූගත වස්තු පිළිබඳ  නිරීක්ෂණය කර ඇති බවද  පොලිසිය සඳහන් කරයි

පොලිසිය එම ස්ථානය වටලන විටත්  සැකකරුවන්  මීටර් නවයක් පමණ යටට  ගල් ගල්තලා පුපුරවා තිබූ බව වැටලීමට එක්වූ පොලිස් නිලධාරියෙක් පැවසීය මාසයක පමණ කාලයක සිට සැකකරුවන් පිරිස මෙම ස්ථානයේ රැඳී සිටිමින් ගල්තලාව පුපුරවා ඇතැයි අවට නිරීක්ෂණය කිරීමේ දී  පැහැදිලි වන බව පොලිසිය කියයි 

පලා ගිය පිරිස තෙබුවන  ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇතැයි ද ඔවුන් ද අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් කීය 

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු පනස් දෙකක් වන හෝමාගම සහ කිරිවත්තුඩුව පදිංචිකරුවන් ය  සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වෙත බාරදීමට නියමිතය 

 



අදහස් (0)

පුරා වස්තු සොයා කැනීම් කළ 2 ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 670 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site