IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


‘‘ප්‍රහාරයට සාර්ථකව මුහුණ දුන්නා‘‘

(විමුක්ති එස් රුද්‍රිගු)

ඊශ්‍රායලය එල්ල කළ ප්‍රතිප්‍රහාරය සාර්ථකව මැඩ පැවැත්වූ බවත් කෙසේ වෙතත් ඉන් සීමිත හානියක් සිදුවූ බවත් ඉරාන ජාතික ගුවන් ආරක්ෂණ මුලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

ටෙහෙරාන්,කුසෙස්තාන් සහ ඉලාම් පළාත්වල හමුදා ඉලක්ක වෙත ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ප්‍රහාර එල්ල කළත් ඉරාන ගුවන් ආරක්ෂණ පද්ධතියට ඒ සඳහා සාර්ථකව මුහුණදීමට හැකියාව ලැබුණු බව එම මුලස්ථානය පැවැසුවේය. ඉරානයේ හමුදා ඉලක්ක 20 කට පමණ ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ප්‍රකාශ කළත් එය නිවැරැදි නොවන බවද ජාතික ගුවන් ආරක්ෂණ මුලස්ථානය සඳහන් කළේය.

කෙසේ වෙතත් ප්‍රහාරයෙන් සිදුවූ හානියේ බරපතළකම ඇස්තමේන්තු කිරීම සඳහා විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව එම මුලස්ථානය පැවැසුවේය.

මේ අතර ඊශ්‍රායලය ඉරානය ප්‍රහාර එල්ල කිරීම සඳහා ආරම්භ කළ මෙහෙයුමට ප්‍රහාරක ගුවන් යානා 100 කට ආසන්න සංඛ්‍යාවක් යොදා ගෙන ඇති බවත් ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට ප්‍රථමයෙන් සිරියාවේ රේඩාර් පද්ධති වෙත ප්‍රහාර එල්ල කර ඉරානයේ ගුවන් ආරක්ෂණ පද්ධතිය අඩපණ කර ඇති බවත් ජෙරුසලම් පෝස්ට් පුවත්පත වාර්තා කළේය.

 



අදහස් (1)

‘‘ප්‍රහාරයට සාර්ථකව මුහුණ දුන්නා‘‘

Saman Dissanayake Saturday, 26 October 2024 06:02 PM

විශිෂ්ඨයි... ඊශ්‍රායලයට මාගේ ආචාරය..!

:       149       30

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 23 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 704 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 334 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site