IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ප්‍රවීණ රංගධර ඩබ්ලිව් ජයසිරි දිවි රඟ මඩලට සමුදෙයි

(ආරියරත්න  රණබාහු )

සිනමාව වේදිකාව පුංචි තිරය ජයගත් ප්‍රවීණ රංගන ශිල්පී  ඩබ්ලිව්  .ජයසිරි  මහතා  දිවි රඟමඩලෙන් අද (22 )උදෑසන සමුගත්තේ ය.

මිය යන විට  77වන වියේ පසුවු ඒ මහතා දෙදරු  පියෙකි.

1947මැයි01වැනි දින ගාල්ලේ  හිරිඔුර ප්‍රදේශයේදී  ජන්මලාභය ලැබු වීරපුල්ලිගේ ජයසිරි  වඩාත් ප්‍රකට වුයේ ඩබ්ලිව්  ජයසිරි  ලෙසය.

1966 දී සුගත පාල ද සිල්වාගේ  හරිම  බඩු හයක්  නාට්‍යයේ  රඟපෑමෙන් වෙිදිකාවට එක්වු හෙතෙම  ඉන්පසු දුන්නා  දුනුගමුවේ, මුතුකුමාරි, මරාසාද් ඇතුළු නාට්‍ය රැසකද  අදිසි නදිය, ,අඩෝ,අකාල සන්ස්‍යා කුඹීයෝ, ධවල කන්‍යාා නීලපබළු, සිඳු නෝ පාකින්, සහ සිහින  සාප්පුව, ඇතුළු ටෙලිනාට්‍ය 50කට වැඩි සංබ්‍යාවක රඟපා ඇත"ඒඅතරින් සිඳු' ටෙලිනාට්‍යයේ ඔහු රඟපෑ ලොකු හාමුදුරුවන් ගේ චරිතය   බොහෝ ⁣දෙනාගේ ප්‍රසාදයට ලක්විය.

ඔහුගේ සිනමා ආගමනය සිදු වී ඇත්තේ1973වසරේදී තිරගතවු දාහකින් එකෙක් චිත්‍රපටයෙනි. ඉන්පසු විසිදැල, දුවට මවක මිස, භවදුක සංක්‍රාන්ති,  සුද්දිලාගේ කතාව, එයා දැන් ලොකු ළමයෙක්, ආදී චිත්‍රපට  රැසක චරිතාංග නළුවෙකු ලෙස  ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත්තේය.

දුවට මවක මිස  චිත්‍රපට යේ රඟපෑම වෙනුවෙන්1997දී හොඳම සහාය නළුවාට හිමි ජනාධිපති  සම්මාන ය  දිනාගත් හෙතෙම 2012දෙරණ ලක්ස් සම්මාන උළෙලේදී  ගාමණී චිත්‍රපට යේ රංගනය සඳහා හොඳමසහාය නළුවා  ලෙස සම්මානයට  පාත්‍ර විය..

ධර්මසේන  පතිරාජා අධ්‍යක්ෂ ණය කළ බඹරැ ඇවිත්  චිත්‍රපට යේ  ආචාර්ය   ප්‍රේමසිරි කේමදාස ගේ සංගිතයට "  හඳුනාගත්තොත් ඔබ මා "ගිතය රචනා කරනු ලැබුවේ ජයසිරි විසිනි.එම ගීතය සිංහල සිනමාවේ තේමා ගීත අතර  ඉතා ඉහළ රසික හා විචාරක ප්‍රසාදයට ලක්වු⁣ අතර හොඳම ගිතරචනයට හිමි ජනාධිපති සම්මානය ද හිමි විය.

ඒ මහතා කිතුලම්පිටිය මධ්‍ය විද්‍යාලය,මාතර සුමංගල,   සහ ගාල්ලේ  විද්‍යාලෝක  යන පාසල්හි ආදී සිසුවෙකි.. අවසන් කටයුතු පසුව දැනුම්දීමට නියමිතය.



අදහස් (0)

ප්‍රවීණ රංගධර ඩබ්ලිව් ජයසිරි දිවි රඟ මඩලට සමුදෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 682 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 327 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site