(සුජිත් හේවාජුලිගේ )
සැක සහිත ලෙස හැසිරෙමින් පාර්ලිමේන්තුව ජංගම දුරකතනයකින් වීඩියෝ ගත කළ දෙදෙනෙක් පාර්ලිමේන්තු පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (29) සවස අත්අඩංගුවට ගනු ලැබූහ.
මින් එක් සැකකරුවකු යාපනයේ පදිංචි ද්‍රවිඩ ජාතිකයකු වන අතර අනෙක් තැනැත්තා මුස්ලිම් ජාතිකයෙකි.
දෙදෙනා වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා ඒ මොහොතේම තලංගම පොලිසියට බාර දෙනු ලැබූහ.
සැකකරුවන් තිදෙනා පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ සිට පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගය හරහා දියවන්නා ඔය ඉවුරට පැමිණ පාර්ලිමේන්තු සංකීර්ණය එහි ගස් අතරින් වීඩියෝ කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
පාර්ලිමේන්තුව වීඩියෝ කිරීමේ අරමුණ මෙතෙක් හෙළි වී නැති අතර ඒ සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනාගෙන් ප්‍රශ්න කරගෙන යන බව තලංගම පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.
මේ දෙදෙනා වීඩියෝ කර ලබාගත් දර්ශනද පොලිසිය බාරයට ගෙන පරීක්ෂා කරගෙන යන බව පැවසූ එම නිලධාරියා සිද්ධිය පිළිබඳව පාර්ලිමේන්තු ප්‍රධානීන්ටද දැනුම් දුන් බව සඳහන් කළේය.
තලංගම පොලීසියේ නිලධාරීහු පිරිසක් සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වති.
2025 දෙසැම්බර් මස 30
133
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
757
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
373
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පාර්ලිමේන්තුව වීඩියෝ කළ දෙකක් සැකපිට
osharap Sunday, 29 January 2023 04:16 PM
ආ ආ ආ ආ ආව් අම්මා, ත්‍රස්තවාදී ක්‍රියවක් නේහ්, අනේ ත්‍රස්ත වාදියෙක් උනත් ඌ නම් දෙවියෙක් මේ වෙලවෙ ඔය සෙට් එක එකෙන්ම ගිල්ලවන්න පුලුවන් නම්.
Kumara Sunday, 29 January 2023 04:21 PM
ඇමරිකාවේ ධවල මන්දිරය පවා පොටෝ ගන්න වීඩියෝ කරන්න පුළුවන්. මේ හා විකාර.