(අතුල බණ්ඩාර)
අවුරුදු 14 යි මාස තුනක් වයසැති පිරිමි ළමයෙකුව වසර දෙකක් තිස්සේ ලිංගික අපයෝජනයට යොදාගත් , දේවාලයක් පවත්වා ගෙන යන 37 හැවිරිදි කපුවෙකු අත්අඩංගුවට ගත් බව මිහින්තලේ පොලිසිය පවසයි.
මිහින්තලේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රසාද් සිරිවර්ධන මහතාට ලැබුණු තොරතුරක් අනුව ඉකුත් 17 වැනිදා සැකකාර කපුවා අත්අඩංගුවට ගෙන තිබේ.
සිදුකළ මුලික විමර්ශන වලදී කාලි මෑණියන්ගේ දේවාලයක් පවත්වා ගෙන යන මිහින්තලේ, කපුවා පදිංචි නිවසේදී මේ පිරිමි දරුවා ඔහු විසින් දෙවසරක කාලයක සිට ලිංගික අපයෝජනයේ යොදාගෙන තිබෙන බව අනාවරණය වී තිබිණි.
කපුවා පදිංචි නිවස කිට්ටුව නිවසක මේ පිරිමි ළමයා පදිංචිව සිටින බවත්, කපුවාගේ උපදෙස් මත ළමයා මෙය රහසක් ලෙස තබාගෙන සිට ඇති බවත් මුලික පොලිස් විමර්ශන වලදී තහවුරුවී ඇත.
කපුවා අත්අඩංගුවට පත්වූ පසු ළමයා ,දෙවසරක් තිස්සේ කපුවා තමන්ට කළ කී සියල්ල පොලිස් නිලධාරීන් හමුවේ හෙළිකර තිබේ.
ඒ අනුව ළමයාගේ මව ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා මිහින්තලේ පොලිසියට පැමිණිල්ලක් කර ඇත.
අත්අඩංගුවට ගත මේ සැකකාර කපුවා අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබුණි.
2025 දෙසැම්බර් මස 30
9
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
698
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පිරිමි දරුවෙක් අපයෝජනය කළ කපුවෙක් අත්අඩංගුවට