
(සුජිත් හේවාජුලිගේ)
හිටපු අමාත්‍ය ප්‍රභා ගනේෂන් මහතාගේ නායකත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය නමින් නව සන්ධානයක් පෙරේදා(8)පිහිටුවා ගනු ලැබීය.
පෙරළියක ඇරඹුම එම සන්ධානයේ මැතිවරණ තේමාවයි.
දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන විස්සකට ආසන්න සංඛ්‍යාවක් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය සමග එහිදී ගිවිසුම් ගතවිය.
ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ සභාපති සහ අග්‍රාමාත්‍ය ධුර අපේක්ෂක ලෙස ව්‍යවසායක මොහාන් පෙරේරා මහතා පත් කරනු ලැබ සිටී.
මහලේකම්වරයා වශයෙන් කටයුතු කරන්නේ ආචාර්ය සුරේෂ් ගංගාදරන් මහතාය.
ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ වෙබ් අඩවිය (www.DNA.lk) එළිදැක්වීමද එහිදී සිදුවිය.
මෙහිදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය ප්‍රභා ගනේෂන් මහතා පැවසුවේ ආගම් ජාති කුල බේද වලින් තොරව නව දේශපාලන පෙරළියක් වෙනුවෙන් මෙම සන්ධානය පිහිටුවන බවයි.
රටේ උද්ගතව ඇති ආර්ථික සමාජීය හා දේශපාලනික ගැටලුවලට පිළියම් සඳහා නව දේශපාලන සංස්කෘතියක අවශ්‍යතාව මතුව ඇතැයිද ඔහු සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 30
44
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
713
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ප්‍රභා ගනේෂන්ගෙන් නව සන්ධානයක්