IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පරිපුරක වෛද්‍ය සේවාවේ වර්ජනයෙන් ජනතාවට අපහසුතා

( තිලකරත්න දිසානායක)

සෞඛ්‍ය සේවාවෙහි සියලු වෘත්තීන් සලකා තීරණ නොගැනීම සහ අසමාන සැලකීමට එරෙහිව පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවට අයත් අංශයන්හි කාර්ය මණ්ඩලය අද (3) උදෑසන සිට සේවා කටයුතුවලින් ඉවත්ව සිටීම හේතුවෙන් රෝගීන් ඇතුලු ජනතාවට අපහසුතාවයකට පත්වීමට සිදුව තිබිණි. 

මේ හේතුවෙන් රෝහල්වල බාහිර ප්‍රතිකාර අංශයන්හි ඖෂධ නිකුත් කිරීමේ කටයුතු සහ පරීක්ෂණ අංශයන්හි කටයුතු මෙන්ම එන්නත් කටයුතු සහ පී.සී.ආර් පරීක්ෂණ කටයුතුවලටද බලපෑමක් එල්ලවී තිබූ ආකාරයක් දක්නට ලැබිණි.

ස්ථාන කිහිපයක කොවිඩ් එන්නත්කරණ කටයුතු සහ පී.සී.ආර් සාම්පල ලබා ගැනීමේ කටයුතුවලින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉවත්ව සිටි ආකාරයක්ද දැකගත හැකි විය. 

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ද සිය රාජකාරී කටයුතුවලින් වැලකී සිටීමෙන් කොවිඩ්  එන්නත් ලබාදීම ඇතුලු කටයුතුවලට යම් බලපෑමක් සිදුව තිබීම සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ගම්පහ දිස්ත්‍රික් සභාපති සමින්ද සමරදිවාකර මහතාසදහන් කර සිටියේ, පවතින ගැටළුවලට විසදුම් නොලැබුණහොත් ලබන 5 වෙනි සදුදා සිට අඛණ්ඩ වැඩ වර්ජනයකට යාමට තම තම මව් සංගමය තීරණය කොට ඇති බවත් මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරිය දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවත්ය.

 

 

 

 

 

 

 

 



අදහස් (0)

පරිපුරක වෛද්‍ය සේවාවේ වර්ජනයෙන් ජනතාවට අපහසුතා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 24 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 706 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 335 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site