IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


පියා පොලිසියෙන් බේරෙන්න, දරුවා ප්‍රාණ ඇපයට ගනී

(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

පොලිසියෙන් බේරිම සදහා සිය තුන් හැවිරිදි දරුවා ප්‍රාණ ඇපයට තබා ගනිමින් අමානුෂික ලෙස දරුවාට කැපුම් තුවාල සිදු කළ පියකු මහත් පරිශ්‍රමයක් දරා අත් අඩංගුවටගත් බව මදුරන්කුලිය පොලිසිය  කියයි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ මදුරන්කුලිය  පදිංචි 28 හැවිරිදි සැකකරුවකු බව පොලිසිය කියයි.

මදුරන්කුලිය නිවසක පදිංචි කාන්තාවකට පහර දෙන බවට මදුරන්කුලිය පොලිසියට ලැබුණු තොරතුරක් මත පොලිස් නිළධාරින් දෙදෙනකු ගොස් සැකකරු අත් අඩංගුවට ගිය අවස්ථාවේ සැකකරුගේ ඥාතින් පොලිසියට රාජකාරියට බාධා කරමින් සැකකරුට පලා යාමට අවස්ථාව ලබාදී ඇත.

කෙසේ වෙතත් එම ස්ථානයෙ ඇතිවු උණුසුම් තත්වය මත පොලිස් නිළධාරින් දෙදෙනා එම ස්ථානයෙන් පිටව පොලිස්ථානයට ගොස් තිබුණි.

පසුව පොලිස් රාජකාරියට බාධා කිරීම මත සැකකරුගෙ පියා,හා ඥාතින් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

සැකකරු නැවත  අත් අඩංගුවට ගැනිමට  පොලිස්  කණ්ඩායක් ගොස් ඇති අතර ඔහු දුටු සැකකරු ඔහුගේ තුන් හැවිරිදි දරුවාව ප්‍රාණ ඇපයට ගෙන  අත් අඩංගුවට ගත් තම පියා ඇතුළු ඥාතින් තිදෙනා නිදහස් කරන ලෙසත් එසේ නොකළහොත් දරුවා මරා දමන බවට පොලිසියට තර්ජනය කළේය.

ඒ සමගම පොලිසිය දරුවාගෙ ආරක්ෂාව සදහා පොලිසිය අත රදවාගෙන තිබු ආයුධ සියල්ල ඉවතට තබා නිරායුධ විමට කටයුතු කළ ද සැකකරු ඔහුගේ අත තිබු තියුණු ආයුධය එහෙ මෙහෙ වනමින් කිසිවකුට ලං නොවිමට නොහැකි වන ලෙස කටයුතු කරමින් කටයුතු කළේය.

ඒ සමගම කඩිනමින් ක්‍රියාත්මක වු සැකකරුගේ ඥාතියකු එකවර සැකකරු වෙත කඩා පැන ඔහු පෙරළා ගැනිමත් සමග පොලිසිය ක්ෂණීකව ක්‍රියාත්මක වි සැකකරු අත් අඩංගුවට ගත්තේය.

ඒ වන විටත් කැපුම් තුවාල ලබා තිබු තුන් හැවිරිදි දරුවා කඩිනමින් පුත්තලම මූලික රෝහලට  ප්‍රතිකාර සදහා යැවිමට කටයුතු කළ බව පොලිසිය කියයි.

 

 



අදහස් (6)

පියා පොලිසියෙන් බේරෙන්න, දරුවා ප්‍රාණ ඇපයට ගනී

Hasith Wednesday, 19 July 2023 04:39 PM

යහපත් පරපුරක් කෙසේනම් බලාපොරොත්තු වෙන්නද?

:       0       36

එච්. එම් ධර්මපාල Wednesday, 19 July 2023 06:07 PM

මේ වගේ අමනයින්ට රජකාලේ හා මැද පෙරදිග රටවල දඬුවම් ලබාදිය යුතුයි...

:       0       35

Wickramasekara Wednesday, 19 July 2023 07:38 PM

මේ බුදුන්ගේ දේශයයි...

:       0       0

බද්රානි Wednesday, 19 July 2023 09:31 PM

හොඳ ශ්‍රී ලාංකික තාත්තා කෙනෙක්. ආගම ධර්මය බඩගෝස්තර ව්‍යාපාරයක් කරගත්තු අමනයින් ඉන්න රටක මේවා සුළු සිද්ධිනේ...

:       0       0

Perera Thursday, 20 July 2023 12:14 AM

ඔහොම අය ඡන්දෙ ඉල්ලුවොත් ලංකාවේ ඉන්න බූරුවන් ඔවුන්ට ඡන්දෙත් දෙනවා...

:       0       0

Bunny Preena Friday, 21 July 2023 11:18 AM

මේ වගේ උන්ට හොඳට සලකන්න ඕනේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 159 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 781 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 381 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site