IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පඹහින්න රෝහලේ නේවාසික ප්‍රථිකාර නැවතිලා

(සමිපත් ප්‍රියනන්දන සහ  නාලක ජේ හෙට්ටිආරච්චි)


බලංගොඩ  පඔහින්න  ප්‍රදේශිය  රෝහලේ නේවාසික  ප්‍රථිකාර   සිදු  කිරිම  සහ  නේවාසිකව රෝගීන්  ඇතුලත්  කර  ගැනිම දැනට  මාස  පහක  කාලයකසිට   නතර  කර  දමා  ඇතියි  ජනතාව  කියති.

පඔහින්න ප්‍රදේශිය රෝහලේ  එයට පෙර  විශාල  පිරිසක්  නේවාසික  ප්‍රථිකාර  ලැබු  බවත්  එය පැය විසිහතර  පුරා  විවෘතව තැබුණ රෝහලක්  බවද ඔවුහු  කියති.

නේවාසිකව ප්‍රතිකාර  ලබා දිම  නතර  කිරිමත්  සමග මේ වන විට  එම රෝහල පෙරවරුවේ  සිට  පස්වරුව දක්වා  පමණක් භාහිර රෝගීන් සදහා   විවෘතව  තැබෙන  බව ජනතාව  පෙන්වා  දෙති.

දැනට එහි බාහිර  ප්‍රථිකාර  පමණක්  සිදු  කෙරෙන  බවත්  මේ හේතුවෙන්   හදිසි රෝගීන්  බලංගොඩ මුලික රෝහලට ඇතුලත්  කිරිමට  සිදුව තිබෙන  බවද  ජනතාව  කියති.

මේ හේතුවෙන්  බලංගොඩ  මුලික රෝහලේ නේවාසික ප්‍රථිකාර ලබන රෝගීන්ගේ  ධාරිතාවයද ඉහළ ගොස් ඇතැයි  ජනතාව වැඩිදුරටත් පෙන්වා දෙති.

මේ සම්බන්දයෙන් සබරගමු පලාත් සෞඛ්‍ය සේව අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතාගෙන්  කල විමසිමකදි   මෙසේ  කීය.

රෝහල වැසි  යාමක්  සිදු වෙලා නැහැ.වෛද්‍යවරුන්ගේ තිබෙන හිගය  නිසා තමයි එහි බාහිර රෝගීන් සදහා පමණක් ප්‍රතිකාර  සිදු  කරන්නේ.වෛද්‍ය වරුන්  දෙදෙනකු අවශ්‍යයි.දැනට  සිටින්නේ  එක් වෛද්‍ය වරයෙකු  පමණයි.

ඒ නිසා  දැනට  පෙරවරු 8.00 සිට  සවස 4.00 දක්වා  බාහිර රෝගීන් සදහා  ප්‍රථිකාර කටයුතු  සිදු කෙරෙනවා. හදිසි රෝගියෙකු ආවොත්   රෝහලට ඇතුලත්  කරගෙන  බලංගොඩ මුලික රෝහල වෙත මාරැ කර  යවනවා. මෙම රෝහලට තවත් වෛද්‍ය වරයෙකු  පැමිණිමට නියමිතයි.ඉන් පසු  රොහලේ නේවාසික  වාට්ටුව පැය විසිහතර  පුරා විවෘතව තැබිමට පුළුවන්  යැයි  කපිල කන්නන්ගර මහතා වැඩිදුරටත්  කිය.



අදහස් (0)

පඹහින්න රෝහලේ නේවාසික ප්‍රථිකාර නැවතිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 35 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site