IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පෙම් සබඳතාව නැවතුවැයි පෙම්වතියට පොල්ලෙන් ගහලා

(ගයාන් සූරිය ආරච්චි සහ ලසන්ත නිරෝෂණ පෙරේරා)

ප්‍රේම සම්බන්ධතාවය නවතා දැමූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමකදී පෙම්වතා විසින් පෙම්වතියගේ හිසට පොල්ලකින් අද (05) පහර දීමෙන් අනතුරුව පෙම්වතිය රෝහල් ගත කිරීමේදී මිය ගොස් ඇතැයි සිරිපාගම පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ රත්නපුර ගිලීමලේ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 23ක් වන ඩබ්. අහිංසා සමන්මලී ප්‍රේමතිලක නමැති තරුණියකි.

මියගිය තරුණිය කුරුවිට ප්‍රදේශයේ පුද්ගලයෙකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් තිබූ අතර තරුණිය විසින් එම ප්‍රේම සම්බන්ධතාවය නතර කිරීම හේතුවෙන් සැකකරු ඇය සමග කෝපයෙන් සිට ඇති බව පොලිස් විමර්ශනවලදී  අනාවරණය වී ඇත.

ඒ අනුව එම තරුණිය කිසියම් කටයුත්තක් සඳහා කැටවල සුදගල මාර්ගයේ ගමන් කරමින් සිටියදී සැකකරු එම ස්ථානයට පැමිණ තරුණිය සමග බහින්බස් වී ඇති අතර පසුව පොල්ලකින් ඇයගේ හිසට සහ සවිරයට පහරදී ඇති බව පොලිසිය පවසයි.

එහිදී බරපතල තුවාල ලැබූ තරුණිය රෝහල් ගත කිරීමේදී මියගොස් ඇති බවද පොලිසිය කියයි.

දේහය පිළිබඳව මහේස්ත්‍රාත් පරීක්‍ෂණය සිදු කිරීමට නියමිතව තිබුණි.

සැකකරු හඳුනාගෙන ඇති අතර අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන ආරම්භ කර ඇත.

රත්නපුර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස මහතාගේ උපදෙස් පරිදි සිරිපාගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

(ඡායාරූප: අජිත්ලාල් ශාන්තඋදය)



අදහස් (2)

පෙම් සබඳතාව නැවතුවැයි පෙම්වතියට පොල්ලෙන් ගහලා

රම්බොඩ Thursday, 05 December 2024 05:23 PM

දෙන්නාම ඉවරයිනේ. ආදරයක් නතර කිරීමට දෙපාර්ශවයට අයිතියක් තියෙනවා. ඒක අනුමත කරන්න ඕනෑ. මේක ආදරය නෙවෙයි කාමුක ඊර්ෂ්‍යාව. මේවා මානසික ලෙඩ. දැන් සනීප කරගනියි හිරගෙවල් ඇතුළේ...

:       0       31

....................... Thursday, 05 December 2024 06:47 PM

ඔය කියන ප්‍රදේශය ගහලා මරන්න හපන්නු සිටින ප්‍රදේශයක් කියලා අහලා තියෙනවා බොහෝම කාලෙකට පෙර... ඔය ප්‍රදේශයේ විදුහල්පති කෙනෙක් උදෑසනින් පාසලට ඇවිල්ලා දරුවන්ට ගණිතය නොමිලේ ඉගැන්වීම් කර තියෙනවා. ඒ ප්‍රදේශයේ ගණිත වෙළෙන්දෙක් මේක ඉවසීමට නොහැකිව අර විදුහල්පතිතුමා මරලා තියෙනවා. සිදුවුනේ දරුපවුලක් අනාථ වීම තමයි...

:       2       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 47 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site