
(ටී.කේ.ජී.කපිල )
දකුණු අප්‍රිකාවේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය සවි එසවීමේ තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩක කණ්ඩායම රන් පදක්කම් 14 ක් , රිදී පදක්කම් 09 ක් සහ ලෝකඩ පදක්කම් 01 දිනා ගෙන ඊ5යේ( දින) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .
මෙම තරගාවලිය දකුණු අප්‍රිකාවේ සන්සිටි නුවර ඉකුත් 04 දින සිට /15 දින දක්වා පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1,000 ක ගේ පමණ සහභාගීත්වයෙන් පවත්වා තිබුණි .
මෙසේ පදක්කම් දිනා ගත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් පිරිස 15 දින සවස 04.45 ට ඩුබායි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 549 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා සවි එසවීමේ සංගමයේ නිලධාරීන් පිරිසක් සහ මෙම ක්‍රීඩකයින්ගේ දෙමාපියන් , නෑදෑ හිතවතුන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .
මෙම තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා සවි එසවීමේ සංගමයේ අනුමැතියකින් තොරව , සංචාරක වීසා යටතේ දකුණු අප්‍රිකාවට ගිය රසිතා ද සිල්වා නැමැති ක්‍රීඩිකාව රන් පදක්කමක් දිනා ගෙන තිබුණි .
ඇය එරටට රැගෙන ගිය , ශ්‍රී ලංකා සවි එසවීමේ කණ්ඩායමේ නායක රන්සිළු ජයතිලක , මෙම ක්‍රීඩිකාව සමග එරට දී තරග පැවැත්වෙන අතරතුර දී ආරවුල් ඇති කර ගැනීම නිසා , ඔහු දකුණු අප්‍රිකානු රජය පිටුවහල් කර තිබේ .

2025 දෙසැම්බර් මස 30
65
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
346
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පොදු රාජ්‍ය මණ්ඩලීය සවි එසවීමේ තරගාවලියේ ශූරයෝ ලංකාවට
Duminda Udayakumara Wednesday, 16 October 2024 11:01 AM
සුභ පැතුම්...