IMG-LOGO

පොදු ප්‍රවාහන බස් රථ 40 ක් විනාශ කරලා

(යොහාන් භාසුර)

ගාලුමුවදොර ‘අරගල භූමියට’ ප්‍රහාරය එල්ල වීමෙන් පසුව රට පුරා ඇති වූ කළහකාරී සිද්ධීන්වලින් පොදු ප්‍රවාහන බස් රථ 40 කට ආසන්න සංඛ්‍යාවක් ප්‍රහාරයට ලක්ව ඇති බවත් එම බස්වලින් වැඩි සංඛ්‍යාවක් ගිනිතබා විනාශ කර ඇති බවත් බස් වෘත්තිය සමිති නියෝජිතයෝ පවසති.

මෙම බස් රථවලින් 30 කට ආසන්න සංඛ්‍යාවක් පෞද්ගලික බස් රථ බව ද වෘත්තිය සමිති නියෝජිතයෙක් කීය.

විනාශ වූ පස් රථ වැඩිම සංඛ්‍යාවක් කොළඹ 02 පෙරහැර මාවත බේරේවැව ප්‍රදේශයේ සහ පිත්තල හන්දිය ප්‍රදේශයේ ඇති බවත් එම ප්‍රදේශයේ බස් රථ 10 ක් පමණ විනාශ කර ඇති බව බස් වෘත්තිය සමිති කියයි.

පෙරහැර මාවත බේරේවැවේ බස් රථ පහක් පමණ ගිල්වා ඇති අතර එම බස් රථ නැරත ධාවනයට ගතනොහැකි ලෙස විනාශ වී තිබේ.

කොළඹ පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථාන අසළ සහ බම්බලපිටිය මුම්මුල්ල යන ප්‍රදේශවල ද පෞද්ගලික බස් රථ කීපයක් ගිනිතබා විනාශ කර තිබේ.

ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලංගම) උසස් නිලධාරියෙක් පැවසුවේ අරලිය ගහ මන්දිරයේ රැස්වීමට ජනතාව ප්‍රවාහන කළ ලංගම බස්රථවලට අමතරව මාර්ගයේ ධාවනය වෙමින් තිබූ බස් රථ කීපයක් ද ප්‍රහාරයට ලක්ව ඇති බවත්ය.  

(ඡායාරූප: ළහිරු හර්ෂණ)



අදහස් (1)

පොදු ප්‍රවාහන බස් රථ 40 ක් විනාශ කරලා

Rohana Wednesday, 11 May 2022 06:40 PM

අරලිය ගහ මන්දියේ රැස්වීමෙන් පසු සාමකාමීව විසිර ගියා නම් මේ විනාශය ඇතිවන්නේ නෑ. කොහෙද අගමැතිකම බේරගන්න මැර වැඩකුත් කරන්න සංවිධානය වෙලානේ ආවේ... මැරවැඩ කළොත් මෙවැනි විපාක ඇතිවන බව නිකමටවත් හිතුවේ නෑ... බස්රථ විනාශයේ පාඩුව විඳින්නේ මගී ජනතාවමයි...

:       10       18

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 113 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 570 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1002 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site