
(පැතුම් දර්ශන)
මීට වසර තුනකට පමණ පෙර අතුරුදහන් වූ පුද්ගලයෙකුගේ බවට සැකකරනු ලබන හිස් කබලක් සහ ඇටකටු කිහිපයක් හොරොව්පොතාන ඉහළ කුඹුගොල්ලෑව, මස් වැව රක්ෂිතයේදි අද (02) දහවල් සොයා ගත් බව හොරොව්පොතාන පොලිසිය කියයි.
මියගිය බවට සැක කරන පුද්ගලයාගේ බෑනා විසින් අද (02) උදෑසන පොලිසියට සිදුකරණ ලද පැමිණිල්ලකට අනුව මෙම හිස් කබල සහ ඇටකටු සොයාගෙන ඇති අතර එලෙස මිය ගොස් ඇත්තේ ඉහළ කුඹුගොල්ලෑව පදිංචි පනස් හතර හැවිරිදි සස්රුදීන් නසීර් නැමැති එක්දරු පියෙකු බවට පොලිසිය සැක කරනු ලබයි.
කන්න කිහිපයක් වගා නොකරන ලද තම කුඹුර බැලීමට ගොස් අවශ්‍යතාවයක් සඳහා අසල කැලෑවට ගිය අවස්ථාවේදී මෙම හිස් කබල සහ ඇටකටු තමන්ට දැක ගැනීමට ලැබුණු බව මියගිය බවට සැක කරන පුද්ගලයා ගේ බෑනා විසින් පොලීසියට පවසා තිබේ.
පසුව එම ස්ථානයෙ තිබි බුලත් මල්ලක්, පවහන් යුවලක්, කමිසයක් පොලිසිය විසින් සොයාගෙන ඇති අතර ඒවා තම මාමා විසින් පරිහරණය කරන ලද භාණ්ඩ බවට පැමිණ සිදුකළ පුද්ගලයා විසින් හඳුනාගෙන තිබේ. පොලීසිය පවසන්නේ ඊට මදක් ඔබ්බෙන් කෘමිනාශක බෝතලයක් ද තිබී සොයාගත් බව ය.

2025 දෙසැම්බර් මස 30
24
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
706
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
335
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පුද්ගල සිරුරක අස්ථි හොරොව්පොතානේ කැලයකින් හමුවෙයි