IMG-LOGO

‘පෞද්ගලික බස් දේශපාලන කටයුතුවලට දෙන්නේ නෑ‘

(යොහාන් භාසුර)

පෞද්ගලික බස් රථ මින් ඉදිරියට කිසිඳු දේශපාලන කටයුත්තකට නිකුත් නොකිරීමට තීරණය කළ බව සමස්ත ලංකා පෞද්ගලික බස් සංගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් මහතා ‘ලංකාදීප’යට පැවසීය.

අරලිගහ මන්දිරයේ පැවැති රැස්වීම වැනි අවස්ථාවට සහභාගි වීම සඳහා පෞද්ගලික බස් රථ හිමියන් මුදල් අයකිරීම මත පමණක් ද, ඇතැමුන් පෞද්ගලික හිතවත්කම මත පමණක් ද ලබාදෙන බවත් ඉදිරියේදී කිසිඳු හේතුවක් මත දේශපාලන කටයුතුවලට බස් නොලැබෙන බවත් ප්‍රියංජිත් මහතා වැඩි දුරටත් කීය.

ගාලුමුවදොර ‘අරගල භූමිය’ සහ එහි සිටි පිරිසට පහර දීමට සහභාගි වූ ඇතැම් පුද්ගලයන් කොළඹට පැමිණි බස් රථ 20 කට අධික සංඛ්‍යාවක් කොළඹ සහ අවට ප්‍රදේශවල ගිනිතබා විනාශ කර තිබේ.  



අදහස් (6)

‘පෞද්ගලික බස් දේශපාලන කටයුතුවලට දෙන්නේ නෑ‘

ravin Wednesday, 11 May 2022 02:13 PM

අඬන්නම ඕනෙ නේද කිරි එරෙන්න..? දේශපාලුවන්ගේ පස්සේ යන්නේ නැතිව තම සේවය කළා නම් ඉවරයිනේ..

:       3       67

කිරි පුතා Wednesday, 11 May 2022 02:23 PM

හැම කෙනෙක්ම අන්තවාදීව පක්ෂ බදාගෙන ඉන්න එක නතර විියයුතුයි. අවස්ථානුකූලව ගැළැපෙන යමක් කළ හැකි උගත්කමක් සමඟ හොඳ චරිතයක් ඇති විශ්වාස කළ හැකි පුද්ගලයින් බලා ඡන්දය දියයුත්තේ පක්ෂය නොසලකමිනි.

:       2       41

Rata Perata Wednesday, 11 May 2022 03:07 PM

ඉතා හොඳ දෙයක්. අරගලයට ජයවේවා...! තවමත් මොලේ පෑදුණේ නැති අය ඉන්නවා නම් සද්ද නැතිව ඉන්න... රට විනාශ කරන්නේ නැතිව..

:       0       13

Rohana Wednesday, 11 May 2022 03:20 PM

දේශපාලන රැස්වීම්වලට බස්වලින් සෙනග ඇද කෘතිම ජන සහභාගිත්වයක් මවා පෙන්වීමේ පහත් නින්දිත වැඩපිළිවෙල ප්‍රතික්ෂේප කිරීමට කාලය එලඹ ඇත. කැමැති කෙනෙකුට සාමාන්‍ය මගී බස් රථයකින් පැමිණීමට ඉඩ හරින්නේ නම් මෙවැනි කණගාටුදායක සිදුවීම් වළක්වා ගත හැකියි. මෙම බස්රථවලින් සෙනඟ පැමිණියේ අරලියගහ මන්දිරයේ රැස්වීමට නොව නිර්පාක්ෂික අරගලකරුවන්ට පහරදී පලවා හැරීමටයි. චේතනාව කුරීරුයි. ප්‍රතිඵල අති භයානක විය...

:       0       32

naleen Wednesday, 11 May 2022 03:25 PM

බස්වලින් වැඩි ප්‍රමාණයක් දේශපාලුවන්ගේ සහ ඔවුන්ගේ ආධාරකරුවන්ගේ නිසා අමුතුවෙන් දෙන්න දෙයක් නැත...

:       1       31

sb Wednesday, 11 May 2022 04:10 PM

දැං බබා වෙන්න හදනවා, මෙච්චර කල් දේශපාලකයින්ට කඩේ ගිහිං වරදාන වාසි ගත්ත උන්දැලා, කෙලවුනාම බයිලා කියනවා. මුදලට දුන්නලු... ඕවා කියල අන්දන්න පුළුවන් මිනිස්සු දැං ලංකාවේ නැහැ හලෝ... ඔය මිනිස්සු ඇද්ද බහුතරයම ස්වකැමැත්තෙන් මිනිස්සු අද්දවන්න? සල්ලිත් නොගෙන දුන්නු ඒවා කියලා මට නම් ශුවර්... හිතන්නේ නැතිව ඇති මෙහෙම කෙලවිල්ලක් වෙයි කියලා...

:       0       24

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 113 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 570 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1002 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site