IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පුංචි සිඟිත්තියක් ඇළට බිලි

(හේමලතා ඩී. හේවගේ)

දංකොටුව පොලිස් වසමට අයත් යෝගියාන වෑකඩ ප්‍රදේශයේ පෙර පාසල් වයසේ පසුවන කුඩා දැරියක් අද (08)වැනි දා දහවල් නිවස පිටුපසින් ගලා බසිනා අනාරක්ෂිත ඇලකට වැටී දියේ ගිලීමෙන් මියගොස් ඇති බව දංකොටුව පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ අනන්යාි පාරමී නැමති සිව්හැවිරිදි දියණියක් වන අතර ඇය පෙර පාසල් ගොස් නැවත නිවසට පැමිණ මිත්තණිය සමඟ සිට ඇති බවද සඳහන් වේ. මිත්තණිය විසින් මෙම මියගොස් ඇති දියණියට නෑම සඳහා වතුර උණු කිරීමට ගිය අවස්ථාවේ යෝගට් එකක් කමින් සිටි දැරිය නිවස පිටුපසින් ගලා බසිනා ඇළට වැටී ඇති බවට පොලිසිය සැක කරයි.

මියගිය දැරියගේ මව සහ පියා මෙම සිද්ධිය වන අවස්ථාවේ නිවසේ සිට නොමැති බවත් පැවසේ. දංකොටුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ශිරාන් පෙරේරා මහතාගේ උපදෙස් මත එහි නිලධාරීහු කණ්ඩායමක් මෙම සිද්ධිය සම්බන්ධයෙන්  වැඩිදුර පරීෂණ පවත්වති.        



අදහස් (2)

පුංචි සිඟිත්තියක් ඇළට බිලි

Bandara Tuesday, 08 October 2024 04:08 PM

සසරක ස්වභාවය.

:       1       2

Kamal Tuesday, 08 October 2024 08:11 PM

රත්තරං දුවට නිවන් සුව

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 44 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 713 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site