IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පුංචි ලෝකාන්තයෙන් පහළට දැමූ රියදුරුගේ සිරුර හමුවෙයි

(ප්‍රසාද් රුක්මල් සහ පාලිත ආරියවංශ)

පහරදී ඝාතනය කර මඩොල්සිම  පුංචිලෝකාන්තයේ අඩි 1000ක පමණ ප්‍රපාතයකට විසිකර දමා තිබූ හාලිඇල  රොසට්වත්තේ 23 හැවිරිදි  ත්‍රීරෝද රථ රියදුරුගේ මළසිරුර    දින දහසයකට පසුව  අද (16)වැනි දා  පස්වරුවේ පුංචි ලෝකාන්තයේ අඩි 500ක පමණ ප්‍රපාතයට වැටී තිබිය දී සොයාගත් බව මඩොල්සිම පොලිසිය පවසයි.

වැල්ලවාය කුඩා ඔය යුදහමුදා කොමාන්ඩෝ  කදවුරේ කොමාන්ඩෝ  නිලධාරීන් පිරිසක් කඹ ආධාරයෙන් අද (16) වැනි දා  පස්වරුවේ මඩොල්සිම පුංචි ලෝකාන්තයේ ප්‍රපාතයට බැස මළසිරුර සෙවීමේ කටයුතු වල නිරත වූ අතර   පසුව මෙම ඝාතනයට ලක්වූ ත්‍රීරෝද රථ රියදුරුගේ මළසිරුර පුංචි ලෝකාන්තයේ ප්‍රපාතයේ වැටී තිබියදී සොයා ගෙන පොහොර බෑගයක දමා කඹ වලින් ගැටගසා කඹ ආධාරයෙන් පුංචි ලෝකාන්තයේ ප්‍රපාතයෙන් තිබූ මළසිරුර අද (16) පස්වරු 2 ට පමණ මහත් වෙහෙසක් දරා උඩට ගත් බවද පොලිසිය කීය.

මළසිරුර සොයා ගන්නා විටත් එය බෙහෙවින් නරක්වී දුගඳ හමමින් තිබු අතර සිරුරේ යටිකයට  කලිසමක් ඇද සිටි බවත් , සිරුරේ ඉනෙන්.ඉහල කොටස මුහුණ හිස විනාශ වී ඇටකටු මතු වී තිබිණැයි පොලිසිය සඳහන් කළේය.

හාලිඇල රොසට්වත්තේ පදිංචිව සිටි විවේකානන්දන් සුජීවන් (23) නැමති අවිවාහක ත්‍රීරෝද රථ රියදුරෙකු මෙසේ ඝාතනයට ලක්විය. මොහු මඩොල්සිම බටාවත්ත ප්‍රදේශයේ පුද්ගලයකු ගෙන් ත්‍රීරෝද රථයක් මිලදී ගෙන ඇති බවත් එම පුද්ගලයා මොහුට මැණික් ගල් සහ රන්භාණ්ඩ වගයක් විකිණීමට යාමට ඇති බව පවසමින් ඉකුත් (30) වන දා රාත්‍රියේ මෙම ත්‍රීරෝද රථ රියදුරු ත්‍රීරෝද රථය සමඟ මඩොල්සිම නගරයට ගෙන්වා ගෙන  තවත් අයෙක් සමඟ එකතු වී  මඩොල්සිම  පුංචි ලෝකාන්තය අසල මාර්ගයේ කැලෑවක සඟවා තිබෙන මැණික් ගල් සහ රන්භාණ්ඩ ගැනීමට යන බව පවසමින් ත්‍රීරෝද  රථ රියදුරු අලුයම රැගෙන ගොස් ඇති බවත් පොලිසිය පවසයි .

අනතුරුව එම 34 හැවිරිදි ප්‍රධාන සැකකරු ඔහුගෙන් මිලට ගත් ත්‍රීරෝද රථය යලි ඉල්ලා ඇති බවත් එහිදී ඇති වී තිබෙන ආරවුලක් දුරදිග යාමෙන් අනතුරුව මෙසේ මොවුන් දෙදෙනා එකතු වී ත්‍රීරෝද රථ රියදුරුට අතින් පයින් යකඩ ආයුධයකින් පහරදී ඝාතනය කර පසුව දෙදෙනා එකතු වී ත්‍රීරෝද රථ රියදුරුගේ සිරුර මඩොල්සිම පුංචි ලෝකාන්තයේ ප්‍රපාතයට ඇද විසිකර දමා ඇතැයි පොලිසිය සඳහන් කළේය.

දින කීපයක් ගියද සිය පුතා නිවසට නොපැමිණි හෙයින්   පියා මේ සම්බන්ධයෙන් හාලිඇල පොලිසිය ට පැමිණිලි කර ඇත. ඒ අනුව පරීක්ෂණ කටයුතු සිදුකළ හාලිඇල පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක රුවන් ගුණතිලක මහතා ඇතුලු නිලධාරීන් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදු කර මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරු වන හාලිඇල  ක්වින්ස්ටවුන්වත්තේ කාන්තාවක සමඟ විවාහ වී දැනට මඩොල්සිම බටාවත්තේ සිටින 34 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගනු ලැබිණ .

ඔහුගෙන් හෙලිකරගත් තොරතුරු මත සෙසු සැකකරු වන මඩොල්සිම බටාවත්තේ පදිංචි  24 හැවිරිදි රථ වාහන බ්‍රෝකර්වරයෙක් ලෙස කටයුතු කරන සැකකරු අත්අඩංගුවට ගැනීමට හාලිඇල පොලිසිය සමත්විය. එම තොරතුරු මත ඝාතනයට ලක්වූ ත්‍රීරෝද රථ රියදුරුගේ ත්‍රීරෝද රථය සැකකරුවන් බදුල්ල නගරයේ පෞද්ගලික මූල්‍ය සමාගමකට විකුණා තිබිය දී අත්අඩංගුවට ගත්හ. 

බදුල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල, බදුල්ල ජේෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දේවත්ත පොලිස් අධිකාරි පී එම් ජයරත්න සහකාර පොලිස් අධිකාරි දිලිප් ද සිල්වා යන මහත්වරුන්ගේ උපදෙස් මත  මඩොල්සිම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එච් .පී .දිසානායක , හාලිඇල පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක රුවන් ගුණතිලක , පොලිස් පරික්ෂක ගීත් රත්නායක  පොලිස් සැරයන් 1477 ජයසිංහ  54167 ලාල් , 74407 ඒකනායක , 19803 රත්නායක යන මහත්වරුන් ඇතුලු හාලිඇල, මඩොල්සිම පොලිස් නිලධාරීන් වැඩිදුර පරික්ෂණ පවත්වති .

(ඡායාරූප: ප්‍රසාද් රුක්මාල්)


(ඡායාරූප:  පාලිත ආරියවංශ)



අදහස් (2)

පුංචි ලෝකාන්තයෙන් පහළට දැමූ රියදුරුගේ සිරුර හමුවෙයි

Jayasekara Wednesday, 16 October 2024 04:25 PM

අයියෝ... අපේ රණවිරුවන් විඳින දුකක්... මේවා නිසා...

:       5       20

සුගත් දිසානායක Wednesday, 16 October 2024 06:55 PM

මිනිස් ඝාතන ඇතුළු අපරාධවල අඩුවක් වෙන්නේම නෑ. අළුත් ජනාධිපතිතුමා ඇතුළු රජය මේවාට නම් කඩිනමින් විසඳුමක් ගන්නම ඕනෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 65 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site