IMG-LOGO

නිළි රැජනට අවසන් ගෞරව දක්වන්න දින දෙකක්

(අංජුල මහික වීරරත්න)

ප්‍රවීණ රංගන වේදිනී මාලනී ෆොන්සේකා මහත්මියෙගේ දේහය හෙට (25) දිනයේදී ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී හා අනිද්දා දින (26) නිදහස් චතුරස්‍ර මන්දිරයේදී මහජන ගෞරවය සඳහා තැන්පත් කර තැබීමට නියමිතය.

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනී මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහය සහිතව නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී ලබන සඳුදා (26) පැවැත්වීමට නියමිතය.

අභාවප්‍රාප්ත වූ ලාංකීය සිනමාවේ නිළි රැජිණ ලෙස විරුදාවලිය ලත් මාලනී ෆොන්සේකා මහත්මියගේ අවසන් කටයුතු සදහා පහසුකම් සැලසීම පිළිබඳ සාකච්ඡාවක් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්‍යාලයේදී අද (24) පස්වරුවේ පැවැත්වුණු අතර එහිදී මෙම කරුණු අනාවරණය විය.

මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට සහ අවමංගල්‍යය අවස්ථාව වෙනුවෙන් දිවයිනේ නන් දෙසින් පැමිණෙන ජනතාවට අවශ්‍ය පහසුකම් සැලසීමට ගත යුතු පියවර සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් ප්‍රින්ස් සේනාධීර යන මහත්වරු සහ කලාකරුවන් හා මාලනී ෆොන්සේකා මහත්මියගේ පවුලේ ඥාතීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාට එක්ව සිටියහ.



අදහස් (0)

නිළි රැජනට අවසන් ගෞරව දක්වන්න දින දෙකක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 80 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 480 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 252 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site