IMG-LOGO

2025 මැයි මස 12 වන සඳුදා


නිසි කල නිවැරැදි ප්‍රතිකාර ලබා මුඛ සෞඛ්‍යය රැක ගනිමු

මෙම ලිපියේ මුල් කොටස ‘දරුවන්ට උපතේදී ඇතිවන මුඛය හා මුහුණ ආශ්‍රිත අසමානතා‘ නමින් පළ විය. මේ පළ වන්නේ එහි ඉතිරි කොටසයි. 

බෙදුන තොල හා තල්ල සහිත අසමානතාව දරුවකුට උපතේ සිට ඇතිවිය හැකි තත්ත්වයකි. උපතේදී එවැනි දරුවකුගේ රෝග විනිශ්චය නිවැරැදි වීම සහ කල්තියා හඳුනා ගැනීම ප්‍රතිකාර සහ සැත්කම් ආදියේදී මහෝපකාරී වේ. මාස 09 සහ අවුරුදු 09 සැත්කම්වලින් පසු මෙවැනි දරුවකුගේ මුඛ සෞඛ්‍යය රැක ගන්නා අයුරු, ඒ සම්බන්ධව ඇති සායන හා මෙවැනි අසමානතා මඟ හරවා ගැනීමේ පෙර සූදානම ගැන අද ලිපියේ කරුණු දැක්වේ. 

නිරන්තරයෙන් පැණිරස, ටොෆි,චොකලට්, බිස්කට් ආදිය ආහාරයට ලබා දීම අවම කළ යුතු වේ. නිසි කලදී දරුවා මවු කිරෙන් ඉවත් කර අමතර ආහාරවලට හුරු කරවිය යුතුය. ඒ අතර වාරයේ මාස 06ට වරක් දන්ත වෛද්‍යවරයකු ලවා දරුවාගේ මුඛ සෞඛ්‍ය පරීක්ෂා කර අවශ්‍ය ප්‍රතිකාර සහ උපදෙස් ලබා ගත යුතු වේ. වයස අවුරුදු 5 සහ 6 කාලයේදී විකලාංග දන්ත වෛද්‍යවරයකු වෙත යොමු වීමද ඉතා වැදගත්ය.

අවුරුදු 09දී විදුරුමසේ අස්ථි බද්ධය කළ පසු වයස අවුරුදු 18 වනවිට දත් දෙපළ පිළිවෙළින් සකසා ගත හැකිය. ඉන්පසුද දන්ත සංරක්ෂණ විශේෂඥ වෛද්‍යවරු යටතේදී දත් දෙපළ වඩා හොඳින් හැඩ ගන්වා සාමාන්‍ය තත්ත්වයට පත් කර ගැනීමට පුළුවනි. එසේම දරුවා වැඩුණු පසු එනම් අවුරුදු 18දී පමණ අවශ්‍ය නම් පමණක් තොලේ කැළල අඩු කර ගැනීමට ප්ලාස්ටික් සැත්කමක් කර ගැනීමේ හැකියාව පවතී. තවද ඇතැම් දරුවන්ගේ නාසයේ හැඩය නිවැරැදි කර ගැනීමටද සැත්කමක් මේ අවදියේදීම සිදුකර ගැනීමට පුළුවනි. මෙම ක්‍රියාවලිය අවසානයේදී තොලෙහි සුළු කැළලක් පමණක් සහිතව අනෙක් සෑම අතින්ම සාමාන්‍ය දරුවකු ලෙස ඔහුගේ බාහිර පෙනුම සැකසේ.

මෙවැනි දරුවන්ට නිවැරැදි අධ්‍යාපනය, නිසි මඟ පෙන්වීම, ආදරය සහ රැකවරණය ලබා දීමත් මවුපිය සේම සමාජයේ වගකීමද වේ. ඒත් කනගාටුවට කරුණ වනුයේ පාසල් වයසේ පසුවන මොවුන් අනෙක් සම වයසේ දරුවන්ගෙන් මෙන්ම ගුරුවරුන්ගෙන්ද ප්‍රතික්ෂේප වීමයි. එවැනි තත්ත්ව මත පාසල් හැරගිය අධ්‍යාපනය අතරමඟ කඩාකප්පල් කරගත් දරුවෝ බොහොමයක්ම අපට සායනවලදී විටින් විට හමුවෙති. එබැවින් ඔබගේ දරුවාද මෙවැනි විශේෂ අවශ්‍යතා සහිත දරුවකු ලෙස ඉපදුණද ඔහුද සාමාන්‍ය දරුවකු ලෙස සලකා කටයුතු කිරීමේ මවුපිය වගකීම ගැන අවබෝධවත් වන්න. දරුවා නිවසේ මුළු ගන්වා නොතබා නිසි කලට නිවැරැදි ප්‍රතිකාර ක්‍රම සඳහා සහභාගී කර වන්න.

මඟ හරවා ගැනීමේ පෙර සූදානම

♦ දරු උපත් නිසි පරිදි සැලසුම් කර ගර්භනී වීමට පෙර සිටම මව විසින් ලබා ගත යුතු විටමින් වර්ග වෛද්‍ය උපදෙස් පරිදි සපරා ගැනීම

♦ මවක් ගර්භනී සමයේ සිටම මව මෙන්ම පියාද මත් ද්‍රව්‍ය භාවිතයෙන් වැලකීම.

♦ ගර්භනී කාලයේදී ලබා ගන්නා අතුරු ඖෂධ සියල්ලක්ම පාහේ වෛද්‍ය නිර්දේශයට අනුකූලව ලබා ගැනීම.

♦ ජාන ප්‍රවේණි පරීක්ෂණ මගින්ද මෙබඳු දරුවන් බිහිවීමේ සම්භාවිතාව ගැන දැනගත හැකියි.

බෙදුණු තොල සහ තල්ල පිළිබඳ විශේෂඥවරුන් එකතුව පවත්වන සායන ඇති රෝහල් පහත දැක්වේ.

බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහල

කරාපිටිය ශික්ෂණ රෝහල

පේරාදෙණිය දන්ත වෛද්‍ය රෝහල

එසේම ඔබ පදිංචි ප්‍රදේශයේ ළඟම පිහිටි රජයේ රෝහල සහ මුඛ, හණුක හා මුහුණ පිළිබඳ සායන මෙන්ම විකලාංග දන්ත සායනයෙන්ද මේගැන වැඩි තොරතුරු ලබා ගත හැකිවේ.

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (0)

නිසි කල නිවැරැදි ප්‍රතිකාර ලබා මුඛ සෞඛ්‍යය රැක ගනිමු

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

විදුලි බිල වැඩි කරනවාට අපි විරුද්ධයි
2025 මැයි මස 12 83 0

විදුලි බිල නැවත වතාවක් සියයට තිහකින් පමණ වැඩි කිරීමට දරන උත්සාහය වහාම නතර කරන්නැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ලේකම් කුමාර් ගුණරත්නම් මහතා රජයෙන් ඉල්


ව්‍යවස්ථා සභාවේ ලේකම් පුටුවට හොඳ අයෙකු සොයයි
2025 මැයි මස 12 192 0

පුරප්පාඩුවී ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධූරයට සුදුස්සකු පත්කර ගැනීම සඳහා පුවත්පත්හි දැන්වීම් පළ කිරීමට තීරණය කර ඇත.


බුදු දහම විමුක්තිකාමී සාධාරණ සමාජයකට මග පෙන්වාවි
2025 මැයි මස 12 110 0

බුදු දහමින් අර්ථ දක්වන වඩා සාධාරණ, විමුක්තිකාමී හා සමානාත්මතාවය රජයන සමාජයක් ස්ථාපිත කිරීම සඳහා බෞද්ධ දර්ශනය අන්කවරදාටත් වඩා මේ මොහොතේ ප්‍රදීපස්ථම්


මැතිසබේ ලොක්කන්ගේ තෙල් කපන්නේ මෙහෙමයි
2025 මැයි මස 12 571 0

පාර්ලිමේන්තු මහලේකම් ඇතුළු ප්‍රධානීන්ට වෙන් කෙරෙන තෙල් කෝටාව අඩුකරමින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරනු ලැබ ඇත.


පුටින් හමුවෙන්න සූදානම්: යුක්රේන ජනාධිපති කියයි
2025 මැයි මස 12 582 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවීමට තමන් සූදානම් බවත්, රුසියන් යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් පුටින් සමඟ සාකච්ඡා පවත්වා පැහැදිලි


කොළඹ පුරපති පුටුවට රහස් සාකච්ඡා
2025 මැයි මස 12 1052 0

කොළඹ මහ නගර සභාවේ පාලන බලය පිහිටුවීමට සභිකයන් දිනා ගැනීමට ජාතික ජන බලවේගය මෙන්ම විපක්ෂයේ දේශපාලන පක්ෂද රහසිගත සාකච්ඡා අරඹා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1128 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1464 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 379 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site