(සුජිත් හේවාජුලිගේ )
කොළඹ මහ නගර සභාවේ පාලන බලය පිහිටුවීමට සභිකයන් දිනා ගැනීමට ජාතික ජන බලවේගය මෙන්ම විපක්ෂයේ දේශපාලන පක්ෂද රහසිගත සාකච්ඡා අරඹා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
පාලන බලය පිහිටුවීම සඳහා සහයෝගය දෙන්නේනම් විවිධ තනතුරු වරප්‍රසාද සහ වරදාන ලබාදීමටද ඒ ඒ දේශපාලන පක්ෂ පොරොන්දු දෙමින් සිටින බවද දැනගන්නට ඇත.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක්වූ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ප්‍රකාශ කළේ කොළඹ මහ නගර සභාවේ බලය සමග ජන බලවේගය පිහිටුවන බවයි.
ජාතික ජන බලවේගය පවසන්නේ බහුතර මන්ත්‍රීවරුන් තම කණ්ඩායම දිනා ගෙන ඇති හෙයින් ඒ පාලන බලය පිහිටුවීමේ සම්පූර්ණ අයිතිය ඇත්තේ ආණ්ඩුවට බවයි. පාලන බලය ලබා ගැනීම සඳහා අවශ්‍ය සියලු කටයුතු කරන බව ජාතික ජන බලවේගය වැඩිදුරටත් පවසයි.
මේ අතර කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීම සඳහා එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග එකතු වීමට සමගි ජන බලවේගයේ නායකයෙකු අදිමදි කිරීම හේතුවෙන් විපක්ෂය එහි බලය පිහිටුවීමට කිසියම් බාධාකාරී තත්ත්වයක් මතුව ඇතැයි වාර්තාවේ.
මේ අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග එකතුවී බලය පිහිටුවා ඒ ගමන සාර්ථක වුවහොත් ඉදිරි ප්‍රධාන මැතිවරණවලදීද එවැනි සම්මුතියකට ඉල්ලීම් ඉදිරිපත් විය හැකි හෙයින් එය ආරම්භයේදීම වැළැක්විය යුතු බව ඇතැම් ප්‍රධානීන්ගේ අදහස වී ඇතැයි දැනගන්නට ඇත.
මේ තත්වය යටතේ කොළඹ මහනගර සභාවේ බලය විපක්ෂයට ගැනීම යම් අවදානමට ලක්ව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.කොළඹ මහ නගර සභාවේ සභිකයන් 48 දෙනෙකු ජාතික ජන බලවේගයට ලැබෙද්දී සමගි ජන බලවේගය ප්‍රධාන විපක්ෂයට සභිකයන් හැට නව දෙනෙකු හිමිවිය.
සභික ධූර සංඛ්‍යාව අනුව කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීමට වැඩි හැකියාවක් ඇත්තේ විපක්ෂයට බව දේශපාලන විචාරකයෝ සඳහන් කරති.මේ අතර සමගි ජන බලවේගය සහ අනෙකුත් පක්ෂ සමග ඒකාබද්ධව කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීමට එක්සත් ජාතික පක්ෂය දැනටමත් කැමැත්ත පළ කර ඇත.
මෙරට මහ නගර සභා අතර විශේෂ අවධානයක් දිනා ගැනුණු නගර සභාව වන්නේ කොළඹ මහ නගර සභාවයි. කොළඹ නගරයේ බොහෝ කටයුතු පාලනය කෙරෙන කොළඹ මහ නගර සභාවේ බලය හිමි කර ගැනීම දේශපාලනික වශයෙන් විශාල ශක්තියක් වන හෙයින් එහි බලය ලබා ගැනීමට බොහෝ දේශපාලන පක්ෂ කාලයක සිට ලොකු උනන්දුවක් දක්වයි.
ගම්පොළ වෙළම්බොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටි 22 ක මුදලක් කොල්ල කෑ බව කියන සැකකරුවන් තිදෙනකු මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය ම
ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන රැදවුම් නියෝග මත ප්‍රශ්න කරනු ලබන සැකකරුවකුගෙන් ලද තොරතුරු මත පිස්තෝල අව
කඩුගන්නාව පොලිස් වසමේ ඇඹිල්මීගම ප්‍රදේශයේ ප්‍රසිද්ධ යතුරුපැදි අලෙවිසලක් ගිනි ගැනීම හේතුවෙන් එහි තිබූ යතුරුපැදි 20ක් පමණ ගිනිගෙන විනාශ වී ඇති බව පොලි
පොළොන්නරුව ගිරිතලේ ප්‍රදේශයේ සංචාරයකට පැමිණි පිරිසකගෙන්, ගිරිතලේ වැවේ දිය නෑමට ගිය අයෙකු දියේ ගිලි මියගොස් ඇති බව මින්නේරිය පොලිසිය කියයි.
දුම්රිය දෙපාර්තමේන්තුවේ පරිපාලනයේ දැඩි අකාර්යක්ෂමතාවක් පවතින බවරජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ ( කෝපා කමිටුව) සභාපති අරවින්ද සෙනරත් මහ
ඛනිජ තෙල් සංස්ථාවට අයත් අනුරාධපුර ඛනිජ තෙල් තොග බඩාවට ඩීසල් තොගයක් රැගෙන විත් , වාරය පැමිණෙන තෙක් එම තෙල් ගබඩාව ඉදිරිපිට නවතා තිබූ බවුසර් රථයකින් රුපි
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
කොළඹ පුරපති පුටුවට රහස් සාකච්ඡා