IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


නිවසේ කසිප්පු ජාවාරම කළ කෝටිපති ව්‍යාපාරිකයා දැලේ

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

හොරණ ගෝනපොළ පිටවල ප්‍රදේශ කෝටිපති ව්‍යාපාරිකයකුට අයත් නිවසක නීති විරෝධී මත්පැන් පෙරන බවට ලද තොරතුරක් අනුව වැටලීමේදී නිවසේ වහලේ තනන ලද රහස් කාමරයක් තුළ තිබී මත්පැන් තොගයක් සොයා ගැනීමට හැකි වූ බව මොරගහහේන පොලිසිය කියයි.

සැකකාර කෝටිපති ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගැනුණු අතර  එම  රහස් කාමරය තුළ තිබී  නීති විරෝධී මත්පැන් ස්ප්‍රිතු මිලිලීටර් 33750 ක්,බැරල් තුනක බහා තිබූ මිලිලීටර් 53000 ක්,සිලින්ඩරයක් දඟරයක් හා ගෑස් ලිපක් ආදී උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන ඇත.

මොරගහහේන  පොලිසියට අනුයුක්ත විශේෂ කාර්යාංශයේ  නිලධාරීන්ට ලද තොරතුරක් අනුව  වැටලීම සිදු කර ඇත .

පිටත සිට බලන පුද්ගලයකුට කිසිදු ආකාරයෙන් සැකයක් ඇති නොවන පරිදි රහස් කාමරය  නිවසේ වහලය මත තනා මෙම ජාවාරම වසර එක හමාරක  කාලයක සිට සිදු කරගෙන ගොස් ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත 

අත්අඩංගුවට ගත් සැකකරු   ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලක  මෙන්ම  වාහන දහයකට අධික ප්‍රමාණයක හිමිකරුවෙකු බව පොලීසිය කියයි. 38 හැවිරිදි     සැකකරු හොරණ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය 

 



අදහස් (0)

නිවසේ කසිප්පු ජාවාරම කළ කෝටිපති ව්‍යාපාරිකයා දැලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site