IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


නිවෙසක් බිඳ රන්බඩු සොරාගත් තිදෙනකු අත්අඩංගුවට

(ඉන්දිකා  රාමනායක)


යාපනය  බ්‍රවුන්ස් පාරේ නිවෙසක් බිඳ රුපියල ලක්ෂ 24 ට ආසන්න රන්බඩු සොරාගත් සිද්ධියේ සැකකරුවන්  තිදෙනකු    යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය  විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනාගෙන්    එක් සැකකරුවෙක් ප්‍රධාන සැකකරු බවත්, සෙසු තිදෙනා රන් බඩු  අලෙවි කළ සැකකරුවන් බවද පොලිසිය පවසයි.

සිද්ධියේ ප්‍රධාන සැකකරු   යාපනය කස්තුරියා පාරේ පදිංචිකරුවෙක් බවත්. ඉකුත් ජනවාරි මස  31 දින දහවල් සැකකරු    ඉහත නිවසට  හොර රහසේ ඇතුලු වී එහි   තිබු පවුම් 24 ක් රන්බඩු සොරාගෙන ගොස් ඇතැයිද කියයි.

ප්‍රධාන සැකකරු  සම්බන්ධයෙන්   යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වෙත ලැබුණු තොරතුරකට අනුව ඊයේ  (19) සැකකරු යාපනට කස්තුරියා පාරේ දී  අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේ  දී ඔහුගේ සාක්කුවේ තිබු  රන් වළල්ලක් හා  මුදු දෙකක් පොලිසිය මගින් සොයාගෙන ඇත.

සැකකරු සැකපිට අත්අඩංගුවට ගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේ  දී ඔහු  විසින්   ඉහත නිවස  බිද රන් බඩු සොරා ගැනීමේ තොරතුරු හෙළි වු බව පොලිසිය කියයි.

සැකකරු විසින් සොරාගත්  රන්  බඩු   සෙසු සැකකරුවන් දෙදෙනා උකස්  ආයතන වල  උකස්  තබා  බවට හෙළි වී ඇති අතර, එම සැකකරුවන් දෙදෙනා ද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

එම සැකකරුවන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරිමේ ඔවුන් යාපනයේ උකස් ආයතන දෙකක් වෙත අලෙවි කර තිබු රන් පවුම්24 ක් රන් බඩු සොරාගෙන ඇත.

මෙම භාණ්ඩ අතර , රන් වළලු, මාල, තැලි,  මුදු,    පෙන්ඩන්ට්,  කරාඹු  වන බවද පොලිසිය කියයි.

 



අදහස් (0)

නිවෙසක් බිඳ රන්බඩු සොරාගත් තිදෙනකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 670 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site