IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


නැවෙන් ඇවිත් යාලේ සිරි නරඹයි

(සනත් ගමගේ)

කොළඹ වරායට ඊයේ සේන්දු වූ අති සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාව වන "මේන් චිෆ් 5"  මගී නෞකාව හම්බන්තොට ජාත්‍යයන්තර වරායට අද පෙරවරුවේ සේන්දු විය.

එම නෞකාවේ පැමිණි මගීහු හම්බන්තොට වරායේ සිට යාල වනෝද්‍යානය, බූන්දල, උඩවලව, කතරගම, ගාල්ල සහ හම්බන්තොට ෂැන්ග්‍රිල්ලා හෝටලය බලා පිටත්ව ගියහ.

කොවිඩ් රෝගී තත්ත්වයෙන් පසුව සංචාරක මගී නෞකාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට පැමිණි පළමු අවස්ථාව මෙය බව වරාය කළමණාකාරිත්වය කියයි.

මෙම නෞකාවේ පැමිණි සංචාරකයන්ප්‍රවාහනය කිරීමට සංචාරක සමාගම්  ‍බස් රථ යොදවා තිබූ අතර හම්බන්තොට ත්‍රී විල් රියදුරන්ට සහ වෙනත් කුඩා වාහන හිමියන්දට කෙටි ගමන් සඳහා සංචාරකයන් රැගෙන යෑමට අවස්ථාව ලබා දී තිබිණි.

ඒ අනුව හම්බන්තොට ෂැන්ග්‍රිල්ලා හෝටලය, යාල ජාතික උද්‍යානය වැනි ස්ථානවලට එම රථවලින් සංචාරක මගීන් රැගෙන යෑම සිදු විය.

නෞකාව අද පස්වරුවේ හම්බන්තොට ජාත්‍යයන්තර වරායෙන් පිටත්ව යෑමට නියමිතව ඇත.



අදහස් (7)

නැවෙන් ඇවිත් යාලේ සිරි නරඹයි

Nandalal DE SILVA - France Wednesday, 30 November 2022 04:46 PM

ඔව්, ඉතින්... අප්පච්චි ඩොලර් බිලියන ගාණක ණයක් අරන් හදපු සුදු අලි වරාය බලන්නේ නැතිව වෙන කොහේ යන්නද?

:       20       23

Nimal Wednesday, 30 November 2022 06:25 PM

ලංකාවට විදේශය සංචාරකයන් පැමිණි පසු වරාය / ගුවන්තොටුපල හෝ වේවා දේශපාලකයන්ගේ පැමිණීම හෝ Voice cut ලබාදීම කිසිදු අවශ්‍ය තත්වයක් නොමැත. විදේශිකයන් පැමිණීමේදී welcome to beautiful sri lanaka "large banners with colourful pictures" ඔවුන්ට දැක ගැනීමට වරාය / ගුවන්තොටුපල තිබීම දේශපාලකයන් පැමිණීමට වඩා වැදගත්වේ. ලෝකයේ කිසිදු රටක මෙවැනි අනවශ්‍ය දේශපාලන රගපෑම් නොමැත.

:       3       43

PereraWednesday, 30 November 2022 11:41 PM

රටේ බහුතරයක් හරකුන්ට ඔය වගේ දේවල් තමයි පුන්නක්කු.

:       0       4

chandima Wednesday, 30 November 2022 07:30 PM

මේ ජාත්‍යන්තර වරාය කියන්නේ අර රනිල් චීනයට විකුණපු වරායට නේද?

:       6       28

athuraThursday, 01 December 2022 01:38 PM

ඔව් ඒකතමයි. හැබැයි චීන්නු ඒක චීනෙට ගෙනිහිල්ල නැහැ වගේ නේද.

:       0       0

siri Thursday, 01 December 2022 12:14 AM

"නැවෙන් ඇවිත් අතින් කාලා අපේ මිනිස්සුන්ගේ අසංවිධානාත්මක කමකට නැති වැඩ නිසා පෝලිං වල පරණ පව් ගෙවති" කීවානම් තමා නිවැරදි. දැක්කනේ වාරයේදී, යාලදී එහෙම වෙච්චදේ. මේ කිසිකෙනෙක් මේ සම්මතේදී ආයෙත්නම් අපේ රටට එනවා තියා හිතන්නෙවත් නැතිවෙයි. ඔය ටිකට ඩොලර් ලක්ෂයක් හෙව්වා කියලයි කියන්නේ. එයින් කීයක් වරායේ කුලිය හැටියට චීන සමාගමට ගෙව්වද දන්නේ නැහැ නේද ?

:       0       9

Hafeel Thursday, 01 December 2022 04:32 PM

යාල වනෝද්‍යානයේ ඉන්න සත්තුන්ගෙන් හිරි හැර වෙන්න නෑ. හැබැයි මැති ඇමති බැණලාගෙන් ප්‍රවේසම් වෙන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31245 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13418 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10980 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 83 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 918 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 274 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site