IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


නාවික හමුදාවට සෙත් පතා ඉස්ලම් දේව මෙහෙයෙන්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 74 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා පැවැත්වෙන ආගමික වැඩසටහන් මාළාවේ ඉස්ලාම් දේව මෙහෙය අද දින  කොළඹ කොටුව, චැතැම් වීදියේ ජුම්මා පල්ලියේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 74 වන සංවත්සරය දෙසැම්බර් 9 වැනි දාට යෙදි ඇති අතර ඒ  නිමිත්තෙන් නාවික හමුදාවට සෙත් පතා ආගමික වැඩසටහන් මාලාවක් පැවැත්වීමට නාවික හමුදාව කටයුතු සංවිධානය කර ඇත.

එම ආගමික වැඩසටහන් මාලාව ආරම්භ කරමින්, කංචුක පූජාව සහ ධජ ආශිර්වාද පුණ්‍ය මහෝත්සවය රුවන්වැලි මහ සෑ රදුන් අබියස සහ ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියසදී සහ ක්‍රිස්තියානි දේව මෙහෙය කොටහේන, ශාන්ත ලුසියා ආසන දෙව්මැදුරේදී පැවැත්විණි.

ඒ අනුව, අධ්‍යක්‍ෂ ජෙනරාල් සැපයුම් හා සේවා, රියර් අද්මිරාල් රුවන් කළුබෝවිල ගේ ප්‍රධානත්වයෙන්, නාවික හමුදාවට ආශිර්වාද පතා අද දින කොළඹ කොටුව, චැතැම් වීදියේ ජුම්මා පල්ලියේදී ෆයිසාල් හසාන් (Faizal Hassan) මව්ලවිතුමාගේ මෙහෙයවීමෙන් පැවති ඉස්ලාම් දේව මෙහෙය මඟින්, රට වෙනුවෙන් දිවිපිදු සහ ආබාධිත තත්වයට පත්වූ වීරෝධාර නාවික රණවිරුවන්හට මෙන්ම දැනට සේවයේ නියුතු සහ විශ්‍රාමික සියලුම නාවික පුද්ගලයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්හටත්, සමස්ථ නාවික හමුදාවටත් 74 වන සංවත්සරය වෙනුවෙන් ආශිර්වාද ප්‍රාර්ථනා කෙරිණි.

මෙම අවස්ථාව සඳහා බටහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති හා වැලිසර නාවික සංකීර්ණයේ අණභාර නිලධාරි කොමදෝරු බුද්ධික ජයවීර, අධ්‍යක්‍ෂ නාවික විදුලි දියත් හා අවි ඉංජිනේරු කොමදෝරු (වි) ප්‍රදීප් ගුණතිලක, අධ්‍යක්‍ෂ නාවික විදේශ මිලදීගැනීම් කොමදෝරු (සැ) ප්‍රෂාන් මාසෝ, ශ්‍රි ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අණදෙන නිලධාරි කපිතාන් චාරක හේරත් ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ සහ බටහිර නාවික විධානයට අනුයුක්ත නාවික හමුදා පුද්ගලයන් පිරිසක් සහභාගී වී සිටියහ.



අදහස් (2)

නාවික හමුදාවට සෙත් පතා ඉස්ලම් දේව මෙහෙයෙන්

අජිත් කුමර Sunday, 01 December 2024 07:37 PM

නියමයි… මේක දැන් නොන් බුඩ්ඩිස්ට් රටක්…

:       2       1

රුවන් සිරිවර්දන Sunday, 01 December 2024 10:07 PM

ජෙප්පෝ නාවික හමුදාවටත් කියලා මේ දේශපාලන විහිලු වැඩ කරවගන්නවා.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 726 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site