IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


නිරෝධායනය කඩ කළ පුද්ගලයකු බණ්ඩාරවෙලින් අත්අඩංගුවට

(සමන් පාලිත නානායක්කාර )

නිරෝධායනයට ලක් කර සිටි පුද්ගලයකු  නිරෝධායනය කඩකර බණ්ඩාරවෙල නගරයට පැමිණ සිටියදී අද (26) අත්අඩංගුවට ගත් බව  බණ්ඩාරවෙල   සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි.

බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයා  නිරෝධායන හා රෝග ස්පර්ශයකින් වෙන්කර  තැබීමේ පනත යටතේ චෝදනා ගොනු කර බණ්ඩාරවෙල  මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ විට ඔහුව දින දාහතරක් නැවත නිවසේදීම ස්වයං නිරෝධායනයට යොමු කර මැයි මස 12  වැනි දින නැවත අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් කීර්ති කුඹුරු හෙන මහතා නියෝග කළේය.

බණ්ඩාරවෙල කොල තැන්න  පදිංචි මොහු සංචාරක මගපෙන්වන්නකු බව සෞඛ්‍ය අංශ කියයි .

නිරෝධායන උපදෙස් කඩ කර ඇඳිරි නීති ඉවත් කළ අවස්ථාවේදී බණ්ඩාරවෙල නගරයට පැමිණ සිටියදී බණ්ඩාරවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන් පිරිසක්  විසින් මොහු අත්අඩංගුට ගෙන තිබුණි  .


බණ්ඩාරවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී  කාර්යාලය වැඩිදුර විමර්ශන සිදු කරයි .
 



අදහස් (0)

නිරෝධායනය කඩ කළ පුද්ගලයකු බණ්ඩාරවෙලින් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 216 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 102 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 462 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site