(නිමන්ති රණසිංහ)
ජනපති ඝාතන කුමන්ත්‍රණයක් ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළ නාමල් කුමාර නම් පුද්ගලයා යුද හමුදාවට සහ ගුවන් හමුදාවට බැඳී ඉන් පළා කියන පුද්ගලයකු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
නාමල් කුමාර නම් පුද්ගලයා යුද හමුදාවට සහ ගුවන හමුදාවට බැඳෙද්දී ලබා දී ඇති සාමාන්‍ය පෙළ සහතිකයේ විභාගය සමත් බව සඳහන් වුවද ඔහුගේ නියම සහතික පිරික්සද්දි විෂයන් හතක් අසමත් වී විෂයන් තුනක් පමණක් සමත්වූවකු බව පෙනී ගිය බව ද රහස් පොලිසියේ මිනීමැරුම් විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා අද ප්‍රකාශ කළේය.
ව්‍යාජ සහතික ලබා දී යුද හමුදාවට සහ ගුවන් හමුදාවට එක්වීම ගැනත්, හමුදාවෙන් පලායෑම ගැනත් විමර්ශන බවත් බව රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.