
(මනෝප්‍රිය ගුණසේකර)
ඉදිරි මහ මැතිවරණය සඳහා කොළඹ දිස්ත්‍රික්කය වෙනුවෙන් තරග වැදීමට ස්වාධීන කණ්ඩායමක්ද, කෑගල්ලදිස්ත්‍රික්කය වෙනුවෙන් ‘ප්‍රජාතන්ත්‍රවාදී ජනතා හඬ’ දේශපාලන පක්ෂයද කුරුණෑගල,පුත්තලම සහ බදුල්ල දිස්ත්‍රික්ක වෙනුවෙන් ‘සිංහල දීප ජාතික පෙරමුණ’ද ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීන් ගත්තීරණ අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබු පෙත්සම් සම්බන්ධයෙන් නොතිසි නිකුත් කිරීම ශ්‍රේෂ්ඨාධිකරණ ප්‍රතික්ෂේප කළේය.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් යුරේෂා ද සිල්වා මහත්මිය ඉදිරිපත්කළ කරුණු සලකා බැලු ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම් සම්බන්ධයෙන් නොතිසි නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීතී පද්මන් සූරසේන, අචල වෙන්ගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යනමහත්වරුන්ගෙන් සැදුම්ලත්' විනිසුරු මඩුල්ලක්හමුවේ පෙත්සම සලකා බැලීණි.
කොළඹ දිස්ත්‍රික්කය වෙනුවෙන් තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් නායක අශෙන් සේනාරත්න සහ ඉන්ද්‍රජිත් පෙරේරාන මැත්තන්ද කෑගල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් තරඟ කිරීමට ‘ප්‍රජාතන්ත්‍රවාදී ජනතා හඬ’ පක්‍ෂය වෙනුවෙන් එහි ලේකම් පී ජයසිංහ මහතාද කුරුණෑගල, පුත්තලම සහ බදුල්ල දිස්ත්‍රික්ක වෙනුවෙන් තරඟ කිරීමට ‘සිංහල දීප ජාතික පෙරමුණ’ වෙනුවෙන්' එහි ලේකම් ජයන්ත ලියනගේ යන මහත්වරුන්ද ගොනුකොට තිබූ මේ පෙත්සම්වල වගඋත්තකරුවන් වශයෙන් අදාළ ප්‍රදේශවල තේරීම් බාර නිලධාරින්සහ මැතිවරණ කොමිසම නම් කර තිබිණී.
තම නාම යෝජනාපත්‍ර භාරගැනීමට අදාල තේරීම් භාර නිලධාරීන් ප්‍රතික්ෂේප කිරීම නීතියට පටහැනි බව සඳහන්කරමින් පෙත්සම්කරුවෝ මෙම පෙත්සම් ගොනු කර තිබිණී.
2025 දෙසැම්බර් මස 30
30
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
708
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
336
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
නාමයෝජනා ප්‍රතික්ෂේප වූ අයගේ පෙත්සම් විසි වේ
වික්‍රම විදුර Thursday, 24 October 2024 06:48 AM
දැලි රැව්ල තියන අයට මොන ජන්දද? නේද!
Priyantha Dissanayake Thursday, 24 October 2024 09:00 AM
නාමයෝජනා භාරගත් අවසාන දිනයේ ඇතැම් අය තේරීම්භාර නිළධාරීනට සහ කොමිසමට නේකවිධ අවලාද නැගුවා මාළු කඩේ වගේ. දැන් උසාවිය ඉදිරිපිටත් එහෙම කරලා තව පොඩි උත්සාහයක් දැරුවානම් හොඳයි. තම තමන් පිළිබඳව තක්සේරුව පිළිබඳව නැවත විමසාබලා තේරුම් ගන්න ඕන. අනෙක වැඩක් කරනකොට අදාල ක්‍රමවේදයන් දැනගෙන කරන්න ඕන.
Kalu Thursday, 24 October 2024 09:38 AM
ගයිස් මම කෑ ගහනවා
ගමේ එකාලා Thursday, 24 October 2024 03:32 PM
මැතිවරණ කාර්යාලයේ දී යකා නටපු එකාටත් හොඳ වැඩේ වුනේ?