IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


නාඳුනන මළ සිරුරක් අ‘පුර වැව් බැම්මක

(අතුල බණ්ඩාර)

අනුරාධපුර ශාන්ත ජෝෂොප් දෙව් මැදුර ඉදිරිපිට වැව් බැම්මේ තිබී සැකකටයුතු ලෙස මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් හමුවූ බව අනුරාධපුර පොලිසිය පවසයි.

වැව් බැම්මේ තණ කොළ ගොන්නේ පුද්ගලයෙකු වැටී සිටිනු දුටු එම වැවේ මසුන් අල්ලන ධීවරයින් , 1990 ට ඇමතුමක් දී "සුවසැරිය" ගිලන්රථයක් ගෙන්වාගෙන රෝහලට ගෙනයෑමට හදද්දී එම ගිලන්රථයේ පැමිණි සේවකයින් එම පුද්ගලයා පරීක්ෂා කරද්දී මියගොස් සිටින බව දැනගෙන ,ඒ බව ධීවරයින්ට පවසා පොලිසියට දැනුම්දෙන ලෙස උපදෙස්දී ආපසු හැරී ගොස් තිබිණි.

අනතුරුව ධීවරයින් කළ දැනුම්දීම මත පැමිණි අනුරාධපුර පොලිසියේ නිලධාරින් සිදුකළ මුලික විමර්ශනවලදී අවුරුදු 60 ත්  65 ත් අතර වයසේ පුද්ගලයෙකු වන අනන්‍යතාව තහවුරු නොවන  මේ තැනැත්තා ගේ මරණය සැකකටයුතු බැවින් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කර තිබිණි.

පොලිසිය අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු , අද   (06) අනුරාධපුර මහේස්ත්‍රාත්වරයා මළසිරුර තිබෙන ස්ථානයට ගොස් ස්ථානීය පරීක්ෂණය සිදු කිරීමට නියමිතව තිබුණි.



අදහස් (0)

නාඳුනන මළ සිරුරක් අ‘පුර වැව් බැම්මක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 24 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 706 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 335 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site