IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


නිධන් හාරන්න ගිය සිව්දෙනෙකු අත්අඩංගුවට

(ටෝනි කරුණානායක) 
 
නිරෝධායන ඇදිරි නීතිය කඩකරමින් වැලිවේරිය ,නැදුන්ගමුව ප්‍රදේශයේ පිහිටි නිවසක් පිටුපස නිධන් හාරමින් සිටි ව්‍යාපාරිකයෙකු ඇතුළු සිව්දෙනකු  අද(15) අලුයම අත්අඩංගුවට ගත් බව වැලිවේරිය පොලිසිය පවසයි .
 
ගම්පහ මිරිස්වත්ත ප්‍රදේශයේ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැල් හිමිකරු වෙකු ,නැදුන්ගමුවේ පදිංචි නිවෙස් හිමිකරු  සහ බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි කරුවන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් සිවුදෙනකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ .
 
සැකකරුවන් විසින් නිවස පිටුපස විවිධ හැඩතලයෙන් අඩි 34 ක් යටට කපා ඉන්අනතුරුව දෝනාවක් කැපිම ආරම්භ කර තිබූ බවත් සැකකරුවන් ඒ සදහා උපයෝගී කර ගත් උදලු 02 ක්  , අලවංගුවක්   , ලණුවක් ඇතුළු බිමකැපිම සදහා යොදා ගෙන තිබූ තවත් උපකරණ රැසක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි .
 සැකකරුවන් සිවුදෙනා ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර ගම්පහ කොට්ටාශ බාර ජේ පො අ .තුසිත කුමාර මහතා ගේ උපදෙස් මත වැලිවේරිය පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදු කරනු ලබයි .



අදහස් (0)

නිධන් හාරන්න ගිය සිව්දෙනෙකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 127 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 753 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 372 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site