IMG-LOGO

නීති විරෝධී විදුලි ගාස්තු ඉහළ දැමීමට නඩු දානවා

(යොහාන් භාසුර සහ ලහිරු හර්ෂණ)

මහජන උපයෝගිතා කොමිසමේ සෙසු සාමාජිකයන් වැරදි ආකාරයට රැස්වී, තම අනුදැනුමක් නොමැතිව සහ නිසි ගණනය කිරීමකින් තොරව නීති විරෝධීව ඉහළ දැමූ විදුලි ගාස්තුව පිළිනොගන්නා බවත් එයට එරෙහිව සභාපතිවරයා ලෙස සියලුම නීතිමය පියවර ගන්නා බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (16) පස්වරුවේ පැවසීය.

විදුලි ගාස්තු ඉහළ දැමීමට අනුමැතිය දුන් රැස්වීම පවත්වා ඇත්තේ ද නිෂ්චිත ඝණපූර්ණයකින් තොරව බව ද හෙතෙම සඳහන් කළේය.

විදුලි බිල සංශෝධනය කරන ආකාරය පනතේ පැහැදිළිව සඳහන්ව තිබෙන බව කී ඒ මහතා සඳහන් කළේ 2008 දී විදුලිබල මණ්ඩලය වැරදි ආකාරයට කළ විදුලි බිල සංශෝධනයක් ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභා කළ බවත්ය.  

අඩු ආදායම් ලබන පාරිභෝගිකයන්ට සහන ලබාදිය යුතු බවත් ඒ සඳහා  තීරණය විදුලිබල මණ්ඩලයට ගත නොහැකි මෙන්ම එම තීරණය මහජන උපයෝගිතා කොමිසමේ කාර්යයක් බවත් ඒ මහතා කීය.

සිය කාර්යාලයට මුද්‍රා තැබීමට අධිකරණය දුන් නියෝගයට කිසිඳු විරෝධයක් නොමැති මෙන්ම එය ඉතාමත් හොඳ නියෝගයක් බව කී රත්නායක මහතා එසේ නොවුණේ නම් තුන්වැනි පාර්ශවයක් සිය කාර්යාලයට මොනව හරි දමා තමන් හසුකිරීමට ද ඉඩ තිබූ බව ද සඳහන් කළේය.  

කාර්යාලය මුද්‍රා තැබීම සම්බන්ධයෙන් පොලිස් ස්ථානාධිපතිවරයාට සහ දේශපාලන අධිකාරියට ස්තූතිය පළකරන බවත් රජයේ මේස සහ පුටු ප්‍රතිපත්තියක් ලෙස පාවිච්චි නොකරන නිසා මුද්‍රා තැබූ කාර්යායේ මේසය සහ පුටුව හැර සෙසු සියලුම දේ රජයට අයිති දේපළ බවත් ඒ මහතා වැඩි දුරටත් කීය.  

විදේශගත සිටින ජනක රත්නායක මහතා ‘සූම්’ තාක්‍ෂණ ඔස්සේ මාධ්‍ය හමුවක් පවත්මින් අද (16) පස්වරුවේ එසේ පැවසීය.

 



අදහස් (1)

නීති විරෝධී විදුලි ගාස්තු ඉහළ දැමීමට නඩු දානවා

Rohana Friday, 17 February 2023 05:04 PM

විදුලි ගාස්තු වැඩිකළ අයට හොඳක් නම් සිද්ද වෙන්න එපා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 473 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 638 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 261 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site