IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


නැති බනේ කියා වැඩි මිලට ඩීසල් විකුණා අමාරුවේ

(රවීන්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)

කොබෙයිගනේ ප්‍රදේශයේ සිපෙට්කෝ ඉන්ධන පිරවුම් හලක ඉන්ධන තොග සඟවාගෙන පාරිභෝගිකයන් නොමග යවමින් වැඩි මිළට  ඉන්ධන අළෙවි කළ එම ඉන්ධනහල  වටලා සුපර් ඩීසල් ලීටර් 23,000ක් සහ ඩීසල් ලීටර් 7000ක් සිය බාරයට ගත් බව  පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කියයි.

එම ඉන්ධන හළට එරෙහිව නඩු පැවරූ බව කුරුණෑගල පාරිභෝගික අධිකාරි කාර්‍යාලය පවසයි.

මහජන පැමිණිල්ලක් මත අද (21) දහවල් මෙම වැටලීම සිදුකෙරිණ. මෙම පිරවුම්හලේ ඉන්ධන පවතින අවස්ථාවේ දී එහි පැමිණෙන පාරිභෝගික ජනතාවට ඉන්ධන අවසන් බව පවසා එම ඉන්ධන පිරවුම්හලේ අයිතිකරුට අයත් වෙනත් ස්ථානයකදී වැඩි මිළට ඉන්ධන අළෙවි කරන බව පැමිණිල්ලෙන් කියා තිබිණ.

උපාය දූතයෙකු යොදවා පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්  ඩීසල් 20 ක් මිළදී ගැනීමට අවශ්‍ය බව පවසා එම පිරවුම් හලට ගිය අවස්ථාවේ දී එහි සේවකයකු පවසා ඇත්තේ පිරවුම් හලේ ඩීසල් නැති බවයි.

එහෙත් ලීටර් 22 ක ඩීසල් බහාලුමක් රුපියල් 4500 ක මුදලකට දිය හැකි බවත් ඒ සදහා පිරවුම්හලේ පිටුපසට යන ලෙසත් එම සේවකයා උපාය දූතයාට කියා තිබිණ.

පාරිභෝගික නිලධාරීන් යෙදවූ උපාය දූතයා  පිරවුම් හලේම පසුපස කාමරයක තිබූ ඩීසල් ලීටර් 22ක බහාලුමක් මිළදී ගත් පසු අනෙක් නිලධාරීන් පැමිණ පිරවුම්හල පරීක්ෂාවට භාජනය කරන ලදී.

ඉන්ධන පිරවුම්හල පරීක්ෂා කිරීමේදී ඩීසල් ලීටර් 22 බැගින් පිරවූ ප්ලාස්ටික් කෑන් 14 ක් පිරවුම්හලේ පසුපස කාමරයක තිබී සොයා ගැනීමට විමර්ශන නිලධාරීහු සමත් වූහ.



අදහස් (1)

නැති බනේ කියා වැඩි මිලට ඩීසල් විකුණා අමාරුවේ

Bunny Preena Tuesday, 22 March 2022 09:22 AM

ත්‍රස්තවාදීන්ට වඩා භයානකයි අවස්ථාවාදියෝ... ඔහුව අසාදු ලේඛනගතකොට ඔහුගේ බලපත්‍රය අහෝසි කළ යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 597 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 751 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 315 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site