
(රෝෂන් තුෂාර)
නීතිපති දෙපාර්තමේන්තුවේ වාහන රැඳවුම් අංගනයේ නවතා තිබූ නිල රථයක් පැහැරගෙන ගමේ ගොස් නැවත පැමිණියේ යැයි කියන සිද්ධියට රක්ෂිත බන්ධනාගාර ගතව සිටි නීතිපති දෙපාර්තමේන්තුවේ පෞද්ගලික ආරක්ෂක අංශයේ ස්ථානාධිපතිවරයා හා කළමනාකරු ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (15)නියෝග කළේය.
රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීරය ඇප හතරක් සහ රුපියල් 25000 බැගින් වූ මුදල් ඇප දෙකක් මත මෙසේ මුදා හරින ලද්දේ පෞද්ගලික ආරක්ෂක අංශයේ ස්ථානාධිපති වූ බෙලිගල කෑගල්ල ලිපිනයේ පදිංචි අමිල නුවන් ජයතිස්ස සහ ආරක්ෂක කළමනාකාර කඩුගන්නාවේ පදිංචි සුනිල් රත්නායක සැකකරුවන්ය.
සිද්ධිය සම්බන්ධයෙන් මෙම සැකකරුවන් මාසයකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි අතර විමර්ශනයේ වැඩිදුර විභාගය පෙබරවාරි 11 නිදිනට නියම කෙරිණි.
2025 දෙසැම්බර් මස 30
65
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
346
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
නීතිපති දෙපාර්තමේන්තුවේ වාහන ඉස්සූ දෙදෙනාට ඇප