IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


නඩු ලේඛන කෑ නිතිඥවරිය අල්ලයි

(කුෂාන් ජයවර්ධන)

කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පැවැති ඉඩම් නඩුවකට අදාලව ලේඛනාගාරයේ තිබූ ලිපිගොනුවක ලේඛන පිටපත් දෙකක් ඉරා සපා කා විනාශ කළ බව කියන නීතිඥවරියක අත්අඩංගුවට ගත් බව කැකිරාව පොලිස්ය කියයි.  

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුතු වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරියකි.

අද(27) දිනයේ අධිකරණයේ නඩු කටයුතු සිදුවෙමින් පැවැති කාලය තුලදී ඇය අධිකරණ ලේකණාගාරයේ තිබු ඉඩම් නඩුවකට අදාල නඩු ගොනුවේ තිබූ ලේඛන දෙකක් එම ගොනුවෙන් ඉරා ගෙන එම ස්ථානයේදීම සපා කා විනාශ කර ඇතැයි පොලිසිය කියයි.

සිද්දිය සම්බන්ධයෙන් එම අවස්ථාවේ ලේඛනාගාරයේ රාජකාරියේ නිරතව සිටි අධිකරණ කාර්ය මණ්ඩලයේ නිලධාරීන් හා නිලධාරිණියන් විසින් අධිකරණයේ රෙජිස්ටාර්වරයාට ඒ සම්බන්ධයෙන් දැනුම්දිමට පියවර ගෙන ඇත. එම අවස්ථාවේ අධිකරණ භූමියේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරිනියන්  සැකකාර නීතීඥවරිය පරික්ෂාවට ලක් කර ඇති අතර එහිදී ඇය විසින් සපා විනාශ කර තිබූ ලේඛන කොටස් කිහිපයක් ද සොයාගත් බව පොලිසිය කියයි.

 



අදහස් (5)

නඩු ලේඛන කෑ නිතිඥවරිය අල්ලයි

Bamunuarachchi Thursday, 27 July 2023 10:21 PM

එවෙලේම බඩයන්න දුන්නානම් තමයි හොඳ. දේශපාලනයේ හෝ වේවා වෙනතැනක උනත් ලෝයරයෙක් ගෑඋනොත් එතන විනාශයි.

:       2       20

C.K.Lankaputhra Friday, 28 July 2023 06:55 AM

පවු, කුසගින්නේ හිටපු කාවියක් වෙන්න ඇති. ඇයට සමාව දෙමු.

:       0       10

Bunny Preena Friday, 28 July 2023 10:16 AM

පිළිකුල් සහගත වැඩක් .මේවගේ අයවලුන් උසාවියට විතරක් නොවෙයි කොහෙවත් වැඩ කරන්න සුදුසු නැත

:       0       23

ලුම්බිණි Friday, 28 July 2023 12:35 PM

මොකද ඉතින් රිමාන්ඩ් කලේ නැත්තේ? නීතීඥවරියක් නිසාද?

:       2       3

පුලස්ති Saturday, 29 July 2023 12:02 PM

ගෞරවනීය වෘත්තීයකට නොගැලපෙන ජාන තියන අය සෙට්වුණාම ඔහොම තමයි...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 159 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 781 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 381 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site